පාසලේ දී සහ නිවසේ දී දරුවන්ට ශාරීරික දඬුවම් දීම සම්පූර්ණයෙන් තහනම් කළ යුතුයි – යුනිසෙෆ් කියයි

64

නිවාස සහ පාසල් ඇතුළු ස්ථානවලදී ළමුන්ට ශාරීරික දඬුවම් පැමිණ වීම සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතු බව යුනිසෙෆ් ශ්‍රී ලංකාවේ නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් පවසයි.

මේ අතර යම් වරදකට දරුවන් ආයතන ගතව රඳවා තැබීම කළ යුත්තේ අවසන් විකල්පය ලෙස බව පවසන යුනිසෙෆ් සංවිධානය එක්සත් ජාතීන් ළමා ප්‍රඥප්තිය ද එය අවධාරණය කර ඇති බවද සඳහන් කරයි.

නිසි පුනරුත්ථාපනයක් නැතිව ළමුන් රැඳවුම් මධ්‍යස්ථානවලට යොමු කිරීම ඔවුන්ට නැවත සමාජ ගත වීමට බාධා කරන දරිද්‍රතාවයට ප්‍රචණ්ඩත්වයට යොමුකරන සම්භාවිතාව ද වැඩි කිරීමක්ද බවද දක්වා තිබේ. සියලු ශ්‍රී ලාංකික දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට සහ සුබසාධනය සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරමින්, 2024 වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට බල පැවැත්වෙන, ළමයින් සහ තරුණ තැනැත්තන් පනතෙහි සංශෝධනය, යුනිසෙෆ් විසින් සාදරයෙන් පිළිගන්නා බවද යුනිසෙෆ් පවසති.

ළමයින් සහ තරුණ තැනැත්තන් පනත, 1939 වසරේ සිට මෙරට ළමුන් සඳහා යුක්තිය පසිඳලීමට භාවිත කරනු ලබන ආඥා පනත වන අතර මෙමඟින් මීට පෙර අවරණය කරනු ලැබුයේ වයස අවුරුදු 16 දක්වා දරුවන් පමණකි. එහෙත් නව සංශෝධනය ක්‍රියාත්මක වීම තුළින් එම ආවරණය වයස අවුරුදු 18ට අඩු සියලුම දරුවන් සඳහා ආරක්‍ෂාව පුළුල් කර ඇත. එසේම මෙම නව සංශෝධනය මගින් දෙමව්පියන්, ගුරුවරුන් හෝ භාරකරුවන් විසින් ළමුන් සහ නව යෞවන වියේ පසුවන දරුවන්ට ශාරීරික දඬුවම් භාවිත කිරීම පිළිගෙන තිබූ වගන්තිය ද ඉවත් කර ඇති බවද යුනිසෙෆ් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment