ක්‍රීඩා තරගයට දරුවන් රැගෙන ගිය බසය ත්‍රිරෝදයේ ගැටී රියැදුරුට බරපතළයි

76

පානදුර – රත්නපුර මාර්ගයේ දොඩම්පේ, තුන්හඳහේන ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් හා ත්‍රිරෝද රථයක් ගැටීමෙන් ත්‍රිරෝද රථයේ රියදුරු බරපතළ තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව රත්නපුර පොලිසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ ගමන් කර ඇත්තේ එහි රියැදුරු පමණකි. ඔහු රක්වාන ප්‍රදේශයට ගමන් කරමින් සිට ඇති බව පොලිසිය පවසයි. අනතුරට ලක් වූ බස් රථය රත්නපුර මුද්දුව ක්‍රීඩාංගනයේ පැවති ක්‍රීඩා තරඟයකට සහභාගී වූ දරුවන් පිරිසක් ඇහැළියගොඩ, ඇරෑපොල දක්වා රැගෙන යමින් සිට ඇත.

මාර්ගයේ පැහැදිලිව පෙනෙන ස්ථානයක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුවී ඇති අතර ත්‍රිරෝද රථය බස් රථයේ ඇමිනී (පැටලී) අඩි 30කට ආසන්න දුරක් පැමිණ ඇති බව පොලිසිය පවසයි. රත්නපුර පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති සංජිව මහතාගේ උපදෙස් මත පො.සැ. වරුන් වන (10083) ශ්‍රීලාල්, (32297) ගාමිණි, පො.කො. (43544) බණ්ඩාර සහ පො.කො (76796) අතුකෝරල යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

කිරිඇල්ල – ඩී. කේ. කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment