ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ අවසාන මහා තරගයට

227

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් කරමින් අවසන් මහා තරගයට අද සුදුසුකම් ලැබීය.පකිස්ථානය සමග අද පැවති තරඟයේදී පළමුව පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 09ක් දැවී ලකුණු 75ක් ලැබීය.ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16.3කදී කඩුලු 04ක් දැවී ලකුණු 77ක් ලබා කඩුලු 06ක ජයක් හිමි කර ගත්තේය.අවසාන මහා තරගය හෙට ඉන්දියාව සමග චීනයේ හැන්ෂු හිදී පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment