රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදාවට රාජ්‍ය අනුග්‍රහය

173

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන උපසම්පදා විනය කර්ම මහෝත්සවය සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.රජයක් ලෙස බුදු දහම සුරක්ෂිත කිරීමට බැඳී සිටින බවත් ඒ සඳහා මහා සංඝරත්නය ප්‍රමුඛ සියලු නිකායයන් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන උපසම්පදා විනය කර්ම මහෝත්සවය පැවැත්වීම පිළිබඳව ඊයේ ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවේදීය.වසර දෙකකට වරක් පැවැත්වෙන මෙම උපසම්පදා විනය කර්ම මහෝත්සවය එළැඹෙන ජූලි 21 වනදා සිට 27 දක්වා මාතලේ, පුරිජ්ජල ශ්‍රී සංඝබෝධි පිරිවෙන කේන්ද්‍ර කර ගනිමින් මහවැලි ගංගාවට අනුබද්ධ සුදු ගඟ උදකුක්ඛේප සීමා මාලකයේ දී පැවැත්වෙන අතර එහි සමාරම්භක උත්සවය සඳහා සාම්ප්‍රදායානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගිවීමට නියමිතය.1863 ජුනි මස 13 වැනිදා ගාල්ලේ නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී සිදුකරන ලද උපසම්පදා විනය කර්ම මහෝත්සවය සමග රාමඤ්ඤ මහා නිකාය ආරම්භ වූ අතර වසර 160 ක් පුරා පැවති උපසම්පදා විනය කර්ම මහෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කෙරිණි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකායාරක්ෂක සභාවේ ප්‍රථම සභාපති ලෙස කටයුතු කරනු ලැබුවේ දිවංගත මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමායි.ජූලි 21 වන දින මාත‍ලේ සුදු ගඟ උදකුක්ඛේප සීමා මාලකයේ දී සිදු කෙරෙන 73 වන උපසම්පදා විනය කර්ම මහෝත්සවයේ දී සාමණේරයන් වහන්සේලා 200 නමක් උපසම්පදා ශීලයේ පිහිටුවීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment