සමාජ මාධ්‍ය වෙනුවෙන් සජිත් සටනට

163

රජය විසින් සමාජ මාධ්‍ය හා ඩිජිටල් මාධ්‍ය වාරණය කිරීමේ අරමුණින් මර්දනය කිරීමේ පනතක් ඉදිරිපත් කිරිමට නියමිත බවත් මාර්ගත ක්‍රමවල සුරක්ෂිතභාවය යන නම පෙරටු කර ගත්තත් එහි කිසිදු ආරක්ෂාවක් නොමැති බවත් එහි ඇත්තේ මර්දනය බවත් එහි අරමුණ පොදුජන හඩ, ජනතා හඩ හා විපක්ෂය නිහඩ කිරිම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මේ සඳහා කොමිසමක් පත් කිරිමට නියමිත බවත් එහි සභාපති හා සාමාජිකයන් පත් කරන්නේ සහ ඉවත් කරන්නේ ජනාධිපති බවත් තමන් කියන ආකාරයට කටයුතු නොකරන්නේ නම් එම සාමාජිකයන් ඉවත් කළ හැකි බවත් තමන්ට හිතවත් අතකොලුවන් පත් කර මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පෙරටු කර ගෙන තමන්ගේ තනතුරේ, තමන්ගේ හා තමන් හිතවත් පුද්ගලයන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (23) මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතවරුන්, වරියන් හා අපේක්ෂකයින් සමඟ පැවැත් හමුවකදී ය.එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කියා සිටියේ මේ පනතට නොරැවටෙන ලෙසත් විකාශන අධිකාරි පනත සම්බන්ධයෙන් ගරු අධිකරණය පවා කියා සිටියේ නියාමනයක් අවශ්‍ය වුවත් ඒ සඳහා විධායකයට බලයක් නොමැති බවයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරුවන් පෙර ලබා දුන් තීන්දු තීරණවලට පටහැනිව වත්මන් රජය ඉදිරිපත් කරන මාධ්‍ය මර්දන පනතේ කිසිදු වලංගුභාවයක් නොමැති බවත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment