විෂ සහිත මුහුදු මාළු අනුභවයෙන් මඩකලපුවේ දෙදරු මවක් ජීවිතක්‍ෂයට

144

තවත් තිදෙනෙක් රෝහලේ

විෂ සහිත මාළු වර්ගයක් අනුභව කිරීමෙන් මඩකලපුව මාංකාඩු ග්‍රාමයෙහි කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිදෙනකු රෝහල් ගතකර ඇත.

විෂ සහිත මුහුදු මාළු පිස අනුභව කිරීමෙන් මෙම මරණය සිදුවී ඇති බව එම ප්‍රදේශවාසී ජනතාව පවසති. සිද්ධියෙන් 27 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර 50 හැවිරිදි කාන්තාවක්, 19 හැවිරිදි තරුණයෙක් හා වයස අවු. 3ක පිරිමි දරුවෙකු රෝහල් ගතකර ඇත.

විෂ සහිත මුහුදු මාළු අනුභවයෙන් මඩකලපුවේ දෙදරු මවක් ජීවිතක්‍ෂයට

මෙයින් පනස් හැවිරිදි කාන්තාව හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කලවංචිකුඩි මුලික රෝහල් ආරංචි මාර්ග පවසයි. ජිවිතක්ෂයට පත්වූ කාන්තාව මාංකාඩු ග්‍රාමයේ පදිංචි දෙදරු මවකි. මෙම පිරිස මාංකාඩු ප්‍රදේශයේ මුහුදු වෙරළට ගොස් සිටියදී ධීවරයන් පිරිසක් සිය දැලේ තිබූ මාළු යම් ප්‍රමාණයක් වීසිකර ඇති අතර මේ අය එම මාළු අහුලාගෙන ඇත. ධීවරයන් මෙම මාළු කෑමට නුසුදුසු බව පැවසුවත්, ඔවුන් එය එතරම් ගණන් නොගෙන ඇත.

මෙම පවුලේ අය මෙම මාළු අනුභවයෙන් පසු කලන්තය හැදීමෙන් කලවංචිකුඩි රෝහලට රැගෙන ගොස් ඇත. ආහාරයට නුසුදුසු මුහුදු මාළු අනුභවයෙන් මෙම සිද්ධිය සිදුවී ඇතිබව ප්‍රදේශවාසී ජනතාව පවසති. කලවංචිකුඩි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඔවුන් අනුභව කළ ආහාරවල සාම්පල විශේෂ පරීක්ෂණයක් සඳහා යොමුකර ඇත.

මඩකලපුව – ජව්ෆර් ඛාන්

advertistmentadvertistment
advertistmentadvertistment