ආපදා හමුවේ නැගීසිටිමු – A-PAD ජාත්‍යන්තර සමුළුව කොළඹදී මුළු දෙයි

82

ආපදා හමුවේ ශක්තිමත්ව නැගීසිටීමට ප්‍රතිඵල ඉලක්ක කරගත් ධනාත්මක වේදිකාවක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ආපදා කළමනාකරණය සඳහා වන ආසියා පැසිෆික් සන්ධානය (A-PADSL) සංවිධානය කරන ලද වාර්ෂික ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝශී හිදෙයාකි මහතාගේ ප්‍රධානත්වයෙන් හා ලෝක බැංකුවේ මාලදිවයිනේ සහ ශ්‍රී ලංකාවේ කළමනාකාරිණී චියෝ කන්දා මහත්මියගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් 5 වැනිදා කොළඹ සිනමන් ලේක් හෝටලයේදී පැවැත්විණි.

ජාත්‍යන්තර සහ දේශීය ප්‍රවීණයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම සමුළුවේදී ඉහළ යන උෂ්ණත්වයන් සහ ලොව පවතින වත්මන් දේශගුණික විපර්යාසවලට ප්‍රතික්‍රියාවක් ලෙස දේශගුණික හිතැති අන්තර් සහයෝගිතාවන් මගින් ආපදා හමුවේ ශක්තිමත්ව නැගීසිටීමට උපකාරී වන ප්‍රායෝගික විධිමත් විසඳුම් අවධාරණය කරන ලදී.

ආපදා කළමනාකරණය සඳහා වන ආසියා පැසිෆික් සන්ධානයෙහි (A-PAD) මූලස්ථානය ජපානයේ පිහිටා ඇති අතර, ශ්‍රී ලංකාව පුරා ආපදා සූදානම, ආපදා අවදානම් අවම කිරීම, ධාරිතා ගොඩනැගීම සහ සහන කටයුතු සම්බන්ධීකරණය සහ සහාය දැක්වීම සන්ධානයේ අරමුණයි. A-PAD හි වාර්ෂික ජාත්‍යන්තර සම්මන්ත්‍රණය, දේශගුණික හිතැති සහයෝගිතාවය සහ ක්‍රියාකාරිත්වය තුළින් ආපදා හමුවේ ශක්තිමත්ව නැගීසිටීමට හැකි අනාගතයක් ගොඩනැගීමේ ගාමක බලවේගය සඳහා වේදිකාව සකසන බැවින් මෙම සමුළුව පරිවර්තනීය සිදුවීමක් සන්ධිස්ථානයක් බවට පත්වනු ඇති බව සමුළුවේ ප්‍රධාන දේශනය කරමින් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝශී හිදෙයාකි මහතා පැවසීය.

සමුළුවේ හැඳින්වීමේ කතාව ශ්‍රී ලංකා ආපදා කළමනාකරණය සඳහා වන ආසියා පැසිෆික් සන්ධානය මෙරට අධ්‍යක්ෂ ෆර්ශාන් හසීම් මහතා විසින් පවත්වන ලද අතර, ආපදා කළමනාකරණය සඳහා වන ආසියා පැසිෆික් සන්ධානයෙහි (A-PAD) සභාපති ආචාර්ය කෝෂි ක්වම්රුෂ්මන්, එම සංවිධානයේ ප්‍රධාන විධායක කෙන්සුකි ඔනිෂි යන මහත්වරුද අදහස් දැක්වීය.

තාක්ෂණික සැසිවාර දෙකක් මෙහිදී සංවිධානය කර තිබූ අතර, එහිදී විෂයට අදාළ රාජ්‍ය, පුද්ගලික හා රාජ්‍ය නොවන ක්‍රියාකාරීහු ප්‍රතිපත්තිමය තීරණ සඳහා අදහස් දක්වූහ.

● ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment