අවුරුද්දෙන් පසු අස්වැසුම වැඩිවේ

5871


අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා තවත් පවුල් 182,140ක් සුදුසුකම් ලබා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඔවුන්ට අදාළ හිඟ මුදල් ඇතුළු සියලු ගෙවීම් මෙම මස 18 වැනි දා වන විට ගිණුම් ගත කිරීමට කටයුතු කරන බවය.

ඒ අනුව දැනට 1,854,000ක් අස්වැසුම ප්‍රතිලාභ ලබාගන්නා අතර රුපියල් බිලියන 58.5ක මුදලක් ඒ වෙනුවෙන් රජය වැය කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment