හඳුන්කූරක් ගඳ වැඩක් කරලා

154

වේයන්ගොඩ කුරීකොටු ප්‍රදේශයේ පිහිටි නිවසක වයස අවුරුදු 11ට අඩු දරුවන් සිව්දෙනෙකු සහ ඔවුන්ගේ මිත්තණිය’ පමණක් සිටින අවස්ථාවේදී නිවසක් පෙරේදා (25දා) පස්වරුවේ’ ගින්ගෙන විනාශ වී ඇත.
ගින්න හටගත් අවස්ථාවේ දී දරුවන්ගේ මව සහ පියා කුලී රැකියාව සඳහා නිවසෙන් පිටත්ව ගොස් සිටි අතර ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මක වී දරුවන් සිව්දෙනා සහ අසනීප තත්ත්වයේ පසුවන වයෝවෘද්ධ මිත්තණිය ගේ දිවි බේරා ගැනීමටත් ගින්න පැතිර යාම වළක්වා ගැනීමටත් සමත්ව තිබේ.

වයස අවුරුදු 11 ක් වූ පිරිමි දරුවා විසින් හඳුන්කූරක් පත්තු කිරීමට ගිය අවස්ථාවේ මෙම ගින්න හටගෙන ඇති බව නිවෙස් හිමියන් සහ ප්‍රදේශවාසීහු පවසති. මෙම පවුලේ කුඩාම දරුවා වයස අවුරුදු තුන හමාරක් වන අතර ඔහු රෝගී තත්ත්වයෙන් පසුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment