යාපනයේ කාන්තාවන්ට හිරිහැර කළ තරුණයන් 13 දෙනකු අත්අඩංගුවට

114

යාපනය පේදුරුතුඩුව නගරයට පැමිණෙන තරුණියන්ට හා කාන්තාවන්ට උසුලු විසුලු කරමින් ඔවුන්ට විවිධ අන්දමේ මානසික පීඩාවන් ඇති කළ තරුණයන් 13 දෙනෙකු පේදුරුතුඩුව පොලිසිය විසින් 14 දා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට ලැබුණු පැමිණිලි කීපයක් මත පොලිසිය හදිසියේම පේදුරුතුඩුව නගරයට ගොස් හදිසි වැටලීමක් සිදු කිරීමෙන් පසුව මේ පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. මෙම තරුණයන් පොලිසියට රැගෙන ඒමෙන් පසුව දෙමවුපියන් හා ඥාතීන්ද වෙනත් පුද්ගලයන් ද පොලිසියෙන් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන එම තරුණයන්ට දැඩි ලෙස අවවාද කොට ඔවුන්ගේ නාම ලේඛනයක් හා තොරතුරු ලබාගෙන ඔවුන්ව නිදහස් කොට තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment