සෙනසුරු මාරුවේ අපල  දුරු කරගැනීමට වත්පිළිවෙත් මෙන්න

2215

සෙනසුරුගෙන් උදා වන්නා වූ ග්‍රහ අපල සඳහා පහත සඳහන් වත් පිළිවෙත් ඉටු කිරීම තුළින් එම ග්‍රහ අපල තත්ත්වයන්ගෙන් බොහෝ දුරට අත්මිදීමේ හැකියාව ඔබට උදා වනු ඇත.

 අපායේ හෝ ස්වර්ගයේ යතුර ඇත්තේ සෙනසුරු අතය. ඒ ශනි ග්‍රහයා පිළිබඳව ජනප්‍රිය කියමනකි. මෙම යතුරු දෙකෙන් ලබා ගත යුතු යුතුර තීරණය කළ යුත්තේ ඔබ විසිනි. මන්දයත් යහපත් වූ ධාර්මික ක්‍රියාවල අප යෙදුන කල සෙනසුරු අපට නොපැකිළිව ස්වර්ගයේ යතුර ලබා දෙනු ඇත. එහෙත් මා ඉහත දක්වන ලද පාප ක්‍රියාවල යෙදෙමින් අධාර්මික ජීවිතයක් ගත කරන කල අනිවාර්යෙන්ම අපායේ යතුර අප වෙත ලැබෙනු නොවනුමානයි. එය යථාර්ථය හා පරම සත්‍ය ලෙස අප වටහා ගත යුතුය.

 ● ඔබ බෞද්ධයෙකු නම් පුර පක්ෂයේ දින 09 ක බෝධි පූජාවක් පැවැත්වීමත් තමාගේ උසට මල් මාලාවක් අමුණා ඊට තමාගේ වයසට අදාළව නිල්මල් එකතු කිරීමත් බෙහෙත් ඖෂධ වර්ග 09 ක් පූජා කිරීමත් කිරිකොළ 09 ක තබා එළඟිතෙල් පහන් 09ක් දැල්වීම තුළින් සෙනසුරු හෙවත් ශනි ග්‍රහයාගේ අපල තත්ත්වයන් දුරු කර ගැනීමේ හැකියාව ඇත.

 ● සෙනසුරු වෙනුවෙන් සකස් කරන ලද නවග්‍රහ මංජුසාවක් අදාළ දින 09 ක කාලයක් පිළිවෙත් කොට සෙනසුරාදා දිනක ශනි හෝරාවෙන් දියෙහි පා කර හැරීම ඉතාම සුබ දායක වනු ඇත.

 ● සෙනසරු ඒරාෂ්ටක ශනි මහ දශා හා අතුරු දශා අපල පවතින විට සෙනසුරු ග්‍රහයාට අයත් වෘක්ෂය වන නුග වෘක්ෂයට සාත්තු කිරීම.

 ● මෛත්‍රී භාවනාව වැඩීම සුබ දායක වේ.

 ● සෙනසුරාදා (ශනිදා) දින වල උදේ 6 / 7 ත් අතර එළඟි තෙල් මිශ්‍ර කිරිබත් ගුලි 8ක් තම හිස වටා කරකවා කපුටන්ට කෑමට දෙන්න. (වතුර බේසමක්ද තබන්න)

 ● දුඟී මගී අත් පා නැති ඇස් අන්ධ හා ආබාධිත අසරණ අයට උදව් උපකාර කරන්න (ආහාර ඇඳුම් පැලඳුම් හා මුදල්)

 ● හැකි සෑම විටකම තමා කන බත්පතෙන් මිටක් ඉඟිලී යන සතෙකුට කෑමට දෙන්න.

 ● හිරවී සිටින කුරුල්ලන් ජෝඩු වශයෙන් බේරා ගෙන නිදහස් කරන්න.

 ● ගලා යන ජලයේ ජීවත් වන මාළුන්ට වී පොරි ස්පර්ශ කර කෑමට දෙන්න.

 ● දරුවන් ලැබූ හා ලැබෙන්න ඉන්නා වූ අයට ඇප උපස්ථාන කරන්න.

 ● අමාවක පෙහොය දිනවල තමාගේ වයසට අදාළව බෝධියක් අභියස එළඟි තෙල් පහන් දල්වන්න

 ● ගිලන්ව සිටිනා සිල්වත් භික්ෂුවකට බෙහෙත් ඖෂධ පූජා කරන්න

 ● මහලු වැඩිහිටියන් වාසය කරන නිවාසයකට උදෑසන කොළකැඳ පානයක් දන්දෙන්න.

 ● විෂ්ණු දේව රාජෝත්තමයන් වහන්සේ වෙනුවෙන් භාරහාර වීම, පූජා පැවැත්වීම, පිහිට ඇයද සිටීම සෙත්කවි කියවීම ඉතා සුබදායකය.

 ● අතපය වාරු නැති අය හට මෙන්ම යාචකයන්ට සෙනසුරාදා දිනවල රතු කැකුළු බත් එළවළු වෑංජන සහිතව දන්දීම සුබදායක වනු ඇත.

 ● නීල මණ්ඩල යන්ත්‍රය, ශනි මෘතුංජය, විෂ්ණු අඝෝර යන්ත්‍රය, යන යන්ත්‍ර නිසි ආකාරව බල පිහිටුවා පැළඳීම.

 ● සෙනසුරාදා දිනවල නිර්මාංශ ආහාර ගැනීම.

 ● කළුතල, අංජනකැට, වීපොරි, සතකුප්ප, බැවිල, සුවඳකොට්ටම්, දේවදාර, කලාඳුරු අල යන ඖෂධ සමව ගෙන තම්බා නිවා ස්නානය කිරීම.

 ● කිරි අම්මා වරුන්ට දානයක් දීම

 ● නුග කොළ මිශ්‍ර වතුර ස්නානය කිරීම

 ● නිල්පාට මල් වැඩිපුර පූජා කිරීම.

 සෙනසුරු ප්‍රධාන නවග්‍රහ මණ්ඩලයේ ඒ ඒ ග්‍රහයන්ට අදාළ දෙවිවරු සිටිනා අතර ඒ අතරින් සෙනසුරු හෙවත් ශනි ග්‍රහයාට අදාළ අධිපති දෙවියන් වහන්සේ වන්නේ ග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන දෙවියන් වන ශ්‍රී විෂ්ණු දේවතාවන් වහන්සේය. එම නිසා සෙනසුරුගෙන් වන පීඩා හා ග්‍රහ අපල වළක්වා ගැනීමට ශ්‍රී විෂ්ණු දේවතාවන් වහන්සේ උදෙසා පුද පූජා හා ග්‍රහ ශාන්ති කර්ම පැවැත්වීම ඉතාම සුබ දායකවනු ඇත.

සෙනසුරු මාරුවේ අපල  දුරු කරගැනීමට වත්පිළිවෙත් මෙන්න

 බණ්ඩාරගම, ජ්‍යොතිෂවේදී
 සම්පත් එස්. කල්පගේ
 ‘තසුනි’ සෙත්කවි හා ජ්‍යොතිෂ සේවය,
 නො. 53/ඒ 1, විහාර මාවත, ගම්මන්පිල, බණ්ඩාරගම
 දු.අංකය – 0382256020 / 0772753100

advertistmentadvertistment
advertistmentadvertistment