කොදෙව් යෞවනයෝ දිවයිනට පැමිණෙති

69

බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා ඊයේ (22 වැනිදා) උදෑසන දිවයින වෙත පැමිණියේය.

ඔවුන් නිල නොවන සීමිත ඕවර් 50 එක් දින තරග 03 ක් සහ නිල නොවන සිව් දින ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකට සහභාගී වීමට නියමිතය. එම තරග සියල්ල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙම කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීහු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

කටුනායක ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment