බෝම්බකරු යුක්තියට ගලකින් ගහයි

867

යුක්තිය මෙහෙයුම දෙමටගොඩ ක්‍රියාත්මක කෙරෙන අවස්ථාවකදී ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු පොලිස් සැරයන්වරයකුට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇත.

එහිදී වහාම ක්‍රියාත්මක වූ පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ළඟ තිබී මෙරට නිෂ්පාදිත අත් බෝම්බයක්, අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 11500ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

ගල් ප්‍රහාරයෙන් තුවාල වූ සැරයන්වරයා ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර ඇත. පොලිසිය එම වැටලීමේදී තවත් පුද්ගලයන් 53 දෙනකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment