බොරලුකන්ද විහාරයේ ඉදිකිරීම් අත්හිටුවීමේ නියෝගයට විරෝධය

1467

ත්‍රිකුණාමලය බොරලුකන්ද රජ මහාවිහාරස්ථානයේ ඉදිකිරීම් නවතා දමන ලෙසට ප්‍රාදේශීය ලේකම්වරයා කර ඇති නියෝගයට විරෝධය පළකරමින් ත්‍රිකුණාමලය ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ හිමිවරු බොරලුකන්ද විහාරස්ථාන භූමිය ඉදිරිපිටට රැස්ව විරෝධය පළ කළහ.

බොරලුකන්ද ත්‍රිකුණාමලය වෙල්ගම් වෙහෙර හා පරිවාර පුදබිමකි. එය අතීත රජදවස ඉදිවූවකි.

ජාතිවාදී දමිල දේශපාලනඥයන්ගේ බලපෑම පිට නැගෙනහිර ආණ්ඩුකාරවරයා ප්‍රාදේශීය ලේකම් හරහා මෙම පුදබිමේ චෛත්‍යය ඉදිකිරීම අත්හිටුවීමට උත්සහ කළත් එම ප්‍රයත්නය නවත්වන්නට ආණ්ඩුකාරවරයාට හෝ සම්බන්ධන් මන්ත්‍රීවරයාට හෝ වෙන කිසිවකුට ඉඩ නොදෙනු බව මෙම විරෝධයට එක්වූ ශාසනාරක්‍ෂක බල මණ්ඩලයයේ ලේඛකාධිකාරී අලුත්ඔය සද්ධාතිස්ස හා ත්‍රිකුණාමලයේ ඥානකිත්ති හිමියෝ සඳහන් කළහ.

මේවන විට ත්‍රිකුණාමල නගරය කේන්ද්‍ර කොටගෙන හින්දු ආගමික ස්ථාන 53 ක් පමණ අලුතින් ඉදිකරමින් තිබෙන නමුත් බෞද්ධයන් ඊට විරුද්ධ නොවන බවද බෞද්ධ සහජීවනය අනුව අපි එසේ කළත් පෞරාණික බෞද්ධ පුදබිම්වලට කරන මේ ජාතිවාදී පීඩනය වහාම නැවැත්විය යුතු බවද විරෝධතාවට එක්වූ මහා සංඝරත්නය කියා සිටියහ.
සමන් මල්ලවආරච්චි – ත්‍රිකුණාමලය

advertistmentadvertistment
advertistmentadvertistment