පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් සොයා කාන්තා කි‍්‍රකට් පිල මැලේසියාවට

129

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියට සහභාගි වීම සඳහා ශී‍්‍ර ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායම ලබන 09 වැනිදා මැලේසියාව බලා පිටත්ව යෑමට නියමිතය. එ් අනුව ලබන ජනවාරි 18 වැනිදා ආරම්භ වීමට නියමිත මෙම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා චමරි අතපත්තුගේ

නායකත්වයෙන් යුතු ක‍්‍රීඩිකාවන් 16 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ප‍්‍රකාශයට පත් කර ඇති අතර උප නායිකාව ලෙස හර්ෂිතා මාධවී නම් කර තිබේ.

පොදු රාජ්‍ය මණ්ඩල කාන්තා විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලිය එංගලන්තයේ බර්මිංහැම්හිදී පැවැත්වීමට නියමිතව තිබේ. එ් අනුව ඊට සුදුසුකම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මැලේසියාවේදී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියට කණ්ඩායම් 5ක් තරග වැදීමට නියමිත අතර ඊට ශී‍්‍ර ලංකාව, බංග්ලාදේශය, මැලේසියාව, කෙන්යාව සහ ස්කොට්ලන්තය ඇතුළත්ව තිබේ. එහිදී වැඩිම ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාවක් හිමිකර ගනු ලබන කණ්ඩායම 2022 වසරේ ජූලි 29 වැනිදා බර්මිංහැම්හිදී ආරම්භ වීමට නියමිත විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියට ක‍්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලබනු ඇත.

ශී‍්‍ර ලංකාව සුදුසුකම් ලබා ගැනීමේ වටයේදී ලබන 19 වැනිදා ස්කොට්ලන්තය සමග තරග වදින අතර 20 වැනිදා කෙන්යාවට එරෙහිවත්, 22 වැනිදා සත්කාරක මැලේසියාවටත් සහ 24 වැනිදා බංග්ලාදේශයට එරෙහිවත් තරග වදිනු ඇත.

ශ‍්‍රී ලංකා කාන්තා පිල – චමරි අතපත්තු (නායිකා, හර්ෂිතා මාධවී (උප නායිකාව, හසිනි පෙරේරා, නිලක්ෂිකා සිල්වා, අනුෂ්කා සංජීවනී, කවීෂා දිල්හාරි, අමා කාංචනා, සචිනි නිසංසලා, උදේශිකා ප‍්‍රබෝධනී, ඉනෝකා රණවීර, විශ්මි රාජපක්ෂ, ඕෂදී රණසිංහ, සුගන්දිකා කුමාරි, තාරිකා සෙව්වන්දි, ප‍්‍රසාදිනී වීරක්කොඩි, අචිනි කුලසූරිය.

අතිරේක ක‍්‍රීඩිකාවන් – මදුශිකා මෙත්තානන්ද, කාව්‍යා කාවින්දි, ඉමේෂා දුලානි, සත්‍යා සංදීපනී

advertistmentadvertistment
advertistmentadvertistment