එළිමහන් ප‍්‍රසංගවලට අවසර දීමට නීතිමය හැකියාවක් නෑ – උපුල් රෝහණ

110

එළිමහන් ප‍්‍රසංග ස`දහා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවලට පැමිණ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගෙන් එ් පිළිබ`ද ඉල්ලීම් නොකරන්නැයි ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවැසීය.

එ් මහතා එසේ කියා සිටියේ ඉකුත්දා පැවති සංගීත ප‍්‍රසංග පිළිබ`ද හා ඊට සහභාගී වූ පිරිස් හැසිරුණ ආකාරය පිළිබ`ද මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

එහිදී අදහස් දැක්වූ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක උපුල් රෝහණ මහතා මෙසේද පැවසීය.

රට සාමාන්‍ය කරණයට ලක්වෙමින් තිබුණත් නිරෝධායන අඥා පනතේ නීති රෙගුලාසිවලට යටත්වයි සියලූ කටයුතු සිදුවෙන්නේ. සංගීත ප‍්‍රසංග ස`දහා නිර්දේශ ලබාගන්න සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවලට එන්න එපා. දැනට පවත්නා නිරෝධායන නීති අනුව අවසර ලබාදීමේ හැකියාවක් නැහැ. එමෙන්ම යම් කිසිවකු එසේ අනවසරයෙන් ප‍්‍රසංග පවත්වනවානම් නිරෝධායන ආඥා පනත උල්ලංඝනය කිරීමක් වෙනවා. ඔමික්‍රෝන් ආදී කොරෝනා ප‍්‍රබේද ගණනාවක් පැතිරයමින් තිබෙන අවස්ථාවක රටේ පවතින තත්වය සාමාන්‍ය තත්වයට හැරෙන තුරු ප‍්‍රසංග ස`දහා අවසර දීමට නීතිමය හැකියාවක් නැති බව අවධාරණය කරනවා.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment