කුරුණෑගල ජනහඬ මැද නැගුණු කඳුළක්

551

කුරුණෑගල පුත්තලම මාර්ගයේදී ඊයේ (06 දා) පැවති විරෝධතාවක් හමුවේ තරුණයන් පිරිසක් තම ජීවිතයේ දුක් ගැහට සම්බන්ධව පොලිස් නිලධාරීන් හමුවේ පැවසූ අවස්ථාවේ එක් පොලිස් නිලධාරියකු සංවේදීවනු දැක ගත හැකිවිය.

කුරුණෑගල ජනහඬ මැද නැගුණු කඳුළක්

ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ කාර්යාලයක් ඉදිරිපිට විරෝධතාවේ නිරත වීම සඳහා පෙළපාලිය ඉදිරියට යෑමට නොදී මාර්ග බාධක යොදා පොලිසිය රැුකවල්ලා සිටි අවස්ථාවේදී විරෝධතාවේ නිරතව සිටි තරුණයන් පිරිසක් ‘‘අපේ දෙමාපියන් හරි දුප්පත් සර්.. තාත්තා කුලී වැඩ කරලයි අපට කන්න දෙන්නේ. ?ට තාත්තා අඬනවා හෙට අපිට කන්න දෙන්නේ කොහොමද කියලා. සර්ලටත් දරුවෝ ඉන්නවා නේද?’ යැයි පවසන විට මාර්ග බාධක යොදා සිටි පොලිස් නිලධාරීන් අතර සිටි එක් නිලධාරියකුගේ දෑසේ කඳුළු කැට මතුවන්නට විය.

 මේ අතර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට විරෝධය පළකරමින් ඊයේ (06 වැනිදා* දිනයේදී කුරුණෑගල ස්ථාන කීපයකම අතිවිශාල පිරිසකගේ සහභාගිත්වයෙන් විරෝධතා පැවැත්විණි.

 එක් විරෝධතාවයක් පැවැත්වුණේ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ නිවස පිහිටි කුරුණෑගල මල්කඩුවාව ප‍්‍රදේශයේ දීය.

 ‘‘හොරා හොරා ජොනියා හොරා’’ ‘‘මුන්ගෙ ළමයි සැප විඳිනව අපේ ළමයි දුක් විඳිනවා…’’ යැයි කියමින් එම ජනතාව විරෝධතාවයේ නිරත වූහ.

 ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයාට එරෙහිව තවත් මහජන විරෝධතාවක් පැවැත්වුණේ කුරුණෑගල වානවීදිය පිහිටි ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයාගේ කාර්යාලය ඉදිරිපිටදී ය.

 ‘‘ජොන්ස්ටන් කුක්කට එන්න කියාපිය. මේවට උත්තර දෙන්න කියාපිය.’’ යනුවෙන් විරෝධතාකරුවෝ පවසන්නට වූහ.

 විරෝධතාකරුවන් ඉදිරියට ඇදී ඒමට උත්සාහ ගත්තත් පොලිසිය හා යුද හමුදාව මාර්ග බාධක යොදා ඔවුන් පාලනය කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment