පිපාසය දැනෙන තෙක් නොසිට පැයකට වරක්වත් වතුර බොන්න – සෞඛ්‍ය අංශ දන්වයි

111

අධික උණුසුම නිසා පිපාසය දැනෙන තුරු නොසිට පැයකට වරක් හෝ වතුර බොන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි.

දිස්ත්‍රික්ක රැසකට උණුසුම් කාලගුණ තත්ත්වය පැවතීම මෙයට හේතුව වී තිබේ. බොහෝ දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියෙස් අංශක 32 – 36 ත් අතර අගයක පැවතියත් මිනිස් සිරුරට ඊට වඩා උෂ්ණත්වයක් දැනෙන බව සෞඛ්‍ය අංශ පවසයි. මේ උණුසුම් කාලගුණය ඉදිරියටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment