විදුලිය කැපීමේ තීරණය නතර කළා – විදුලිබල අතිරේක ලේකම්

177

* සියයට සියයක් සහතික කරන්න බැහැ – ලංවීම ඉංජිනේරුවෝ කියති

නිල වශයෙන් දිනකට යම් කාලයක් විදුලිය කපා හැරීමට ගත් තීරණය සම්පූර්ණයෙන්ම නතර කළේ යැයි විදුලිබල අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති මහතා ‘දිවයින’ට පැවසීය.

මේ වනවිට දෛනික විදුලි ඉල්ලූම සපුරාලීමට අවශ්‍ය විදුලිය ප‍්‍රමාණයක් ජාතික විදුලි පද්ධතිය සතුව ඇතැයි ද ඒ මහතා කීය. ඒ නිසා යම් බලාගාරයක හදිසියේ යම් දෝෂයක් සිදු නොවුනහොත් රාත‍්‍රී කාලයේදී යම් ගැටලූවකින් තොරව අඛණ්ඩව මුලූ රටටම විදුලිය ලබාදෙන බව ද ඒ මහතා කීය.

මේ අතර කැලණිතිස්ස බලාගාර පරිශ‍්‍රයේ පිහිටි මෙගාවොට් 163 ක විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු යළි ආරම්භ කළ බව ද ඒ මහතා කීය. මේ වනවිට නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ අලූත්වැඩියා කටයුතු සිදුකරන බැවින් මෙගාවොට් 300 ක් උත්පාදනය කළ හැකි විදුලි උත්පාදන යන්ත‍්‍රය තව සති දෙකකින් පමණ පද්ධතියට එක්කළ පසු පවතින විදුලි අර්බුදය අවසන් වනු ඇතැයි ද ඒ මහතා කීය.

කෙසේ වෙතත් පෙරේදා (11 දා) රාත‍්‍රි කාලයේත් වත්තල, ගල්කිස්ස, රත්මලාන, අකුරැුස්ස, බිබිල, කැකිරාව, නුගේගොඩ ආදී ප‍්‍රදේශ ගණනාවක විදුලි විසන්ධිවීම් වාර්තා වන අතර පවතින තත්ත්වය පිළිබඳ සියයට සියයක සහතිකයක් දීමට නොහැකි යැයිද විදුලි ඉංජිනේරුවෝ කියා සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment