බිරිඳගේ නැගණියට අතවර කළ මස්සිනාට වසර 14 ක සිරදඬුවම්

811

ලක්‍ෂ එකහමාරක් වන්දි ගෙවන්නත් නියෝග

වසර 17කට පෙර සිය බිරිඳගේ බාලවයස්කාර නැගණියව අපයෝජනය කිරීමේ වරදට වරදකරු වූ 59 හැවිරිදි දෙදරු පියෙකුට වසර 14ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්, රු. 10,000ක දඩයක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ එකහමාරක වන්දියක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු වරයා පෙරේදා (19 දා) සවස නියම කෙරුණි.

මෙලෙස සිර දඬුවම්, දඩ හා වන්දි නියම වූයේ 59 හැවිරිදි දෙදරු පියෙකුටය.

චූදිත පුද්ගලයා 2006.04.21 වැනි දින නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවේ චූදිතගේ නිවසේ නැවතී සිටි චූදිතගේ බිරිඳගේ බාලවයස්කාර නැගණියව බලහත්කාරයෙන් අපයෝජනය කර තිබේ. සිද්ධියෙන් පසු අගතියට පත් වූ දැරිය සිද්ධිය සම්බන්ධයෙන් සිය ඥාතියෙකුට පවසා පසුව සිද්ධිය පිළිබඳව තිස්සමහාරාම පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ අනුව විමර්ශන පැවැත්වූ තිස්සමහාරාම පොලිසිය චූදිත පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවති මූලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපතිවරයා විසින් චූදිතට එරෙහිව හම්බන්තොට මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකරන ලදී.

නඩු විභාගයේදී චූදිත පුද්ගලයා අදාළ චෝදනා සඳහා වැරැදිකරු බවට පත්විය. ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා චූදිතට අදාළ චෝදනා සඳහා වසර 14ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරුණි. ඊට අමතරව රුපියල් 10,000ක දඩ මුදලක්ද නියම කළ අතර එය නොගෙවන්නේ නම් තවත් වසර 01ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි. එමෙන්ම ඉහත දඬුවම්වලට අමතරව අගතියට පත් බාලවයස්කාර දැරියට රුපියල් ලක්ෂ එකහමාරක වන්දි මුදලක් ගෙවන ලෙසත්, චූදිත එය නෙගෙවන්නේ නම් ඉහත දඬුවම්වලට අමතරව තවත් වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරුණි.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ අනුරාධ විජේසුරේන්ද්‍ර මහතා පැමිණිල්ල මෙහෙයවන ලදි.
මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment