කොමර්ෂල් බැංකුවේ ගාල්ල කොටුව ශාඛාවේ 50 වැනි සංවත්සරය සැමරීම සඳහා, ගාලු කොටුපවුර ශුද්ධ පවිත්‍ර කිරීමේ ව්‍යාපෘතියක්

43

කොමර්ෂල් බැංකුව ගාලු උරුමය පදනම සමග එක්ව, ඓතිහාසික ගාලු කොටුවේ පවුර පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් පසුගියදා නිම කරන ලදී.

මෙම ප්‍රජා සත්කාර වැඩසටහන බැංකුවේ ගාල්ල කොටුව ශාඛාවේ 50වැනි සංවත්සරය මෙන්ම, ජුනි 05දාට යෙදුණු ලෝක පරිසර දිනය සැමරීම සඳහා ක්‍රියාත්මක කරන ලද අතර, ගාලු කොටුවේ චමත්කාරජනක පරිසරය සුරැකීම එහි අරමුණ විය.

මෙම ව්‍යාපෘතිය ගාලු උරුමය පදනමේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක කර ඇති අතර, තිරසාර භාවිතයන් ප්‍රවර්ධනය කරමින් සහ සංස්කෘතික උරුමයන් සංරක්‍ෂණය කිරීම ප්‍රවර්ධනය කරමින්, ප්‍රජාව වෙත ආපසු ලබා දීමට කැපවී සිටින බැව් කොමර්ෂල් බැංකුව අවධාරණය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment