යාපනයේ ගුරුවරයෙක් 10 ශ්‍රේණියේ සිසුවකුට ඇට කැඩෙන්නම ගහලා

316

යාපනයේ ජනප්‍රිය පිරිමි පාසලක ගුරුවරයෙකු විසින් එම පාසලේ 10 වන ශ්‍රේණියේ සිසුවෙකුට අමානුෂීය අන්දමට පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනයේ මානව හිමිකම් කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

ගුරුවරයාගේ පහර කෑමට ලක් වූ සිසුවා යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර එම ශිෂ්‍යයාගේ දෙමව්පියන් විසින් මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ කටයුතු ආරම්භ කොට තිබේ. යාපනයේ මානව හිමිකම් නිලධාරීන් අදාල විදුහලේ විදුහල්පතිවරයා හමු වී ප්‍රකාශයක් ලබා ගෙන ඇති අතර ඔහුද එම ක්‍රියාව වරදක් ලෙස දැක ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දී තිබේ. ගුරුවරයාගේ පහර කෑමට ලක් වූ සිසුවාට තුවාල සිදුව ඇති අතර අස්ථි බිඳීමකටද ලක්ව සිටින බව යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කොට ඇත. සිසුවාට බරපතළ තුවාල සිදුව ඇති බැවින් යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් වාර්තාවක් මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් විසින් ඉල්ලා ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment