මඤ්ඤොක්කා, කිරිඅල, බතල රටින් ගෙනාවා කියන කතාව බොරු – කෘෂිකර්ම අමාත්‍යාංශය

73

පසුගිය වසර 03 ක කාලය තුළදී මෙරටට මඤ්ඤොක්කා, කිරිඅල හෝ බතල කිසි ලෙසකින්වත් ආනයනය නොකළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

පසුගියදා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී මධුර විතානගේ මහතා කියා සිටියේ 2022 වසරේදී ඩොලර් මිලියන 295 ක් වැයකර කිරිඅල ඇතුළු එළවළු භෝග මෙරටට ආනයනය කිරීමට පියවර ගෙන තිබූ බවයි.

අදාළ ප්‍රකාශයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙසට විෂය භාර ඇමැති මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබිණි.

ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ සමාජ ආර්ථික හා සැලසුම් මධ්‍යස්ථානය සකස් කළ වාර්තාව පෙරේදා (04 දා) ඇමැතිවරයාට ලබාදී තිබිණි.

ඒ අනුව 2020, 2021 සහ 2022 යන වර්ෂවලදී මෙරටට කිසිදු ආකාරයකින් මඤ්ඤොක්කා, කිරිඅල හෝ බතල ආනයනය කර නොමැති බවට අදාළ වාර්තාවෙන් දක්වා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

සුජීව තත්සර සහ අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment