හිරගෙවල්, කඳවුරුවල ගාල් නොකරමත්ද්‍රව්‍යවලට ගොදුරු වූ දරුවන් සංවර්ධන අධ්‍යාපන මධ්‍යස්ථානවල රඳවන්න

126

කුප්පියාවත්තේ බෝධානන්ද හිමියෝ රජයෙන් ඉල්ලති

අයිස් වැනි මත්ද්‍රව්‍යවලට අත්අඩංගුවට ගන්නා යොවුන් දරුවන් කිසි විටෙක බන්ධනාගාරගත කිරීම් හා කඳවුරු තුළ ගාල්නොකර වෙනමම ස්ථාපිත කරන සංවර්ධන අධ්‍යාපන මධ්‍යස්ථාන වෙත යොමුකරන ලෙසත් එම දරුවන්ගේ මනස බිඳනොවැටෙන ලෙස හා ආත්ම ගෞරවය පළුදු නොවන ලෙස යහමඟට ගැනීමට කටයුතු කරන ලෙසත් පැල්මඩුල්ල ‘මිතුරු මිතුරෝ’ විශෝධන මධ්‍යස්ථාන සංසදයේ නිර්මාතෘ කුප්පියාවත්තේ බෝධානන්ද හිමිපාණෝ ජනපති, අගමැති හා මහජන ආරක්‍ෂක ඇමැතිගෙන් ඉල්ලා සිටිති.

එවන් මධ්‍යස්ථානවලදී වුව අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට හා මනෝ උපදේශන සහිත විශෝධන ක්‍රියාවලියක් දියත් කිරීමට රජයට උපදේශන සහාය ලබාදීමට ‘මිතුරු මිතුරෝ’ සූදානම් බව ද උන්වහන්සේ සඳහන් කරති.

ඔවුන් සමාජයේ විෂම බලවේගවලට ගොදුරුවූවන් විනා දඬුවම් ලැබිය යුතු වැරදි කළවුන් නොවන බව ද දරුවන්ට සංවේදීව ඔවුනගේ අනාගතය රැකෙන ලෙස කටයුතු කළ යුතු බව ද බෝධානන්ද හිමියෝ පෙන්වා දෙති.

ආරක්‍ෂක අංශ, ගුරුවරුන් මෙන්ම දෙමවුපියන් ද රටට ආදරය කරන ජනතාව ද එක්ව දරුවන් මත්ද්‍රව්‍ය රකුසාගෙන් බේරාගැනීමට ගත හැකි හැම පියවරක්ම ගත යුතු බව ද මත්ද්‍රව්‍ය රට තුළට ගෙනඑන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව ද උන්වහන්සේ අවධාරණය කරති.
ඕපනායක – ජයලත් එම්. විමලසේන

advertistmentadvertistment
advertistmentadvertistment