මුදල් ගසාකන හෝටල් නිරෝධායනය අත්හිටුවන්න ජනපති උපදෙස් දෙයි

150

විදේශගතව සිට පැමිණෙන ශ‍්‍රී ලාංකිකයන් ගුවන් තොටුපළේදී අතරමැදි තැරැුව්කරුවන් හරහා අධික මුදලකට පෞද්ගලික හෝටල් හි නිරෝධායනය කිරීමේ ජාවාරම වහාම අත්හිටුවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට උපදෙස් දී ඇත.

මෙම ශ‍්‍රී ලාංකිකයන් ශ‍්‍රී ලංකාවට පැමිණි පසු සිදුකරන පීසීආර් පරීක්‍ෂාවේ වාර්තා ලැබෙන තුරු දින ගණනක් පෞද්ගලික හෝටල්හි රඳවා තැබීමට මෙම තැරැුව්කරුවන් කටයුතු කර තිබූ අතර එම කාලය සඳහා අධික හෝටල් ගාස්තුවක් අයකරන බවට මාධ්‍ය මගින් අනාවරණය කරන ලදි. මෙම අනාවරණය සම්බන්ධව අවධානය යොමුකළ ජනාධිපතිවරයා වහාම මෙම ජාවාරම නතර කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට උපදෙස් දී ඇති අතර කටුනායක ගුවන්තොටුපළේ පිහිටි පීසීආර් පරීක්‍ෂණ යන්ත‍්‍ර මගින් කඩිනමින් අදාළ පරීක්‍ෂාවන් සිදුකර පැය තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත ප‍්‍රතිඵල ලබාගෙන එම ප‍්‍රතිඵල අනුව කොවිඞ් ආසාදනය වී නැත්නම් වහාම මුදාහැරීමටත්, කොවිඞ් ආසාදනය වී ඇත්නම් රජයේ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමටත් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment