ඔන්ලයින් පනත සම්මතයි

151

පක්ෂව ඡන්ද 108යි
විපක්ෂව ඡන්ද 62යි
වැඩි ඡන්ද 46ක්
මහින්ද ඇතුළු 54ක් ඡන්දය විමසනවිට සභාවේ නෑ

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ (24දා) වැඩි ඡන්ද 46කින් සංශෝධන සහිතව සම්මත කරනු ලැබීය.

විපක්ෂයේ දෝෂදර්ශනයට ලක්වුණු සහ රටේ ආන්දෝලනයට තුඩුදුන් එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඊයේ (25 දා) සහ (24 දා) පෙරේදා පැවැති දෙදින විවාදය අවසානයේදී පනත සම්මත කිරීමට ඡන්දයක් පැවැති අතර එහිදී ඊට පක්ෂව ඡන්ද 108 ක්ද, විපක්ෂව ඡන්ද 62ක්ද ප්‍රකාශවිණ.

පනතට විරුද්ධ බව සඳහන් කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඡන්දයක් ඉල්ලා සිටියේය. මහින්ද රාජපක්‍ෂ, නාමල් රාජපක්‍ෂ ඇතුළු මන්ත්‍රීවරු 54 ක් ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ සිට නැත.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment