පේරාදෙණිය ලොව ප්‍රධාන සරසවි 1000 අතරට

141

ඇමරිකා එක්සත් ජනපදයේ යූ. එස්. නිවුස් ආයතනයේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය 901 වන ස්ථානයට පත්ව ඇත. එවන් ස්ථානයක් හිමිවූ මෙරට පළමු විශ්වවිද්‍යාලය පේරාදෙණිය වන බව එහි උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතා පවසයි.

විශ්වවිද්‍යාල දොළොස්දහසක් සහ උසස් අධ්‍යාපන ආයතන තිස්දහසක් පමණ යොදා ගනිමින් මෙම වර්ගීකරණය සිදුකොට ඇතැයි හෙතෙම ප්‍රකාශ කළේය. ලොව විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කර ඇත්තේ විශිෂ්ටත්වයේ දර්ශක දහතුනක් හරහා ඔවුන්ගේ කාර්ය සාධනය මත පදනම්ව බව කී උපකුලපතිවරයා, එම දර්ශක ගෝලීය පර්යේෂණ කීර්තිය, කලාපීය පර්යේෂණ කීර්තිය, ප්‍රකාශන, සම්මන්ත්‍රණ ආදියෙන් අන්තර්ගත වන බවද කීවේය.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment