ඇමැති අඩු කරනවා කිව්වත් සිමෙන්ති මිල නැගලා – ජාතික ඉදිකිරීම් සේවක සංගමය

86

සිමෙන්ති මිල අඩු කරන බවට වෙළෙඳ ඇමැතිවරයා පැවසුවත් මේ වන විට වෙළෙඳ පොළේ සිමෙන්ති මිල ඉහළ ගොස් ඇතැයි ජාතික ඉදිකිරීම් සේවක සංගමය පවසයි.

රුපියල් තුන්සියයකින් සිමෙන්ති මිල පහත දමන බවට ඇමැතිවරයා ප්‍රකාශ කළත් රුපියල් 2100 කට තිබුණු සිමෙන්ති කොට්ටයක මිල මේ වනවිට රුපියල් 2200 ක් දක්වා වැඩිකර ඇතැයි එම සංගමය ඊයේ (18දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තයම පහත වැටී ඇති බවත්, සිමෙන්ති භාවිතයෙන් සිදු කෙරෙන සාමාන්‍ය කටයුත්තක් හෝ කරගත නොහැකිව ජනතාව අසරණ වී ඇති බවත් එම සංගමය වැඩිදුරටත් කියා සිටී.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment