නවකවධ සිදුවීම් 36ක්: සිසුන් 57කගේ පන්ති තහනම්

260

කැම්පස් රැග් වළක්වන්න ජාතික කමිටුවක්

විශ්වවිද්‍යාලවල නවකවධය මැඬපැවැත්වීම සඳහා ජාතික කමිටුවක් පිහිටුවීමට පියවර ගෙන ඇතැයි උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති ආචාර්ය සුරේෂ් රාඝවන් මහතා ඊයේ (18දා) පැවසීය.

ගත වූ මාස 12 තුළ නවකවධ සිදුවීම් 36 ක් වාර්තා වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් මාස 08 ක පමණ සිට සිසුන් 57 දෙනෙකුගේ පන්ති තහනමට ලක්කර ඇති බවත්, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

“මේ පිළිකාව කොච්චර උඩුදුවලා තියෙනවාද කියනවා නම් උපකුලපතිවරයෙකුට, ඔහුගේ ගෙදර අයට පහරදීමක් වාර්තා වුණා. අපි ජාතියක් ලෙස ලැජ්ජා විය යුතුයි. තමන්ගේ ප්‍රචණ්ඩත්වය තම මූලධර්මය ලෙස පිළිගත් පක්‍ෂ මේ නවකවධය දිගටම කරන බවට ඕනෑවටත් වඩා සාක්‍ෂි තියෙනවා. ජනාධිපති, අගමැති, අධ්‍යාපන ඇමැති ඇතුළු සියලුදෙනා මෙය නැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටිනවා” යැයි ද සුරේෂ් රාඝවන් මහතා කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment