ආණ්ඩුවේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවෙන් නිදහස් අධ්‍යාපනය වළ පල්ලට යනවා – ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්

43

රටේ බරපතල ගුරු හිඟයක් තියෙනවා. 40,000කට ආසන්න ප්‍රමාණයක් ගුරුවරු හිඟයි. දරුවන්ට ගුරුවරු ලබා දෙන්න බැහැ. දැන් එම නිසා පොකුරු පාසල් කියලා පාසල් එකතු කරන්න යන්නේ යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.

රටේ බරපතළ ගුරු හිඟයක් තියනවා. 40,000 කට අසන්න ගුරුවරු හිඟයි. දරුවන්ට ගුරුවරු ලබා දෙන්න බැහැ. දැන් එම නිසා පොකුරු පාසල් කියලා පාසල් එකතු කරන එක තමා කරන්න යන්නේ. මෙය සම්පුර්ණයෙන්ම ළමයාගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය නැති කිරීමක්. කුට උපක්‍රම මගින් දරුවන්ට අධ්‍යාපනය එපා කර වීමක් තමා කරන්න යන්නේ. විශ්වවිද්‍යාල අධ්‍යාපන පීඨ, ආචර්ය සංගම්, වෘත්තිය සමිති සියල්ල එකතුවෙලා රනිල් රාජපක්ෂ මේ ගෙන එන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පරාජය කිරීම වෙනුවෙන් ක්‍රියා මාර්ග ගන්නා බව ඒ මහතා මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

එම මහතා මෙසේද පැවසීය.

රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ වන විට අධ්‍යාපනය සම්බන්ධයෙන් බරපතල අනතුරු දායක තීරණයක් අරන් තියනවා. ඔවුන් මේ වන විට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කියලා අධ්‍යාපන පෞද්ගලීකරණය කිරීම වෙනුවෙන් වූ වැඩසටහනක් ගෙනල්ල තිබෙනවා. මේ කිසි ලෙසකින් පනතක් නොවේ. මේ වනවිට කැබිනට් මණ්ඩලය අනුමත කරලා පාර්ලිමේන්තුවේ අංශික කාරක සභාවට යොමු කරලා මෙය ක්‍රියාත්මක කරන්න යන්නේ. මේක පනතක් වුනානම් උසාවි යන්න හරි තිබුණා. මේ කිසි දෙයක් නැතුව රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේක ගේන්නේ සම්පුර්ණයෙන් මේ රටේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න. දැන් මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ පැහැදිලිවම සඳහන් කර තිබෙනවා ජාතික අධ්‍යාපන කොමිෂන් සභා පනත 1991 අංක 19 දරන අවලංගු කරනවා කියලා තියනවා පැහැදිලිව තියනවා. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව කියන එක රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවෙන් එක පෑන් පාරෙන් අහෝසි කර දානවා. මොකද්ද මේ බලය. ජනමතයක් තියන ආණ්ඩුවක්ද මේක බරපතල ප්‍රශ්නයක්.

ලංකාවේ පාසල් ගත්තාම 10194 න් 5000 කට වැඩි පාසල් සංඛ්‍යාවක් තියෙන්නේ ළමයි 200 ට අඩු පාසල්. 3000 කට වැඩි පාසල් සංඛ්‍යාව තියෙන්නේ ළමුන් 100ට අඩු පාසල්. මේගොල්ලන් ලෑස්ති වෙන්නේ පොකුරු පාසල් ක්‍රමයක් හදලා සම්පුර්ණයෙන් පොකුරු 1220 කට සමස්ත පාසල් පද්ධතිය ඇතුල් කරන්නයි. අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික ආයෝජනයක් බවට පත් කිරීම. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ගෙනත් මේ රටේ නිදහස් අධ්‍යාපනය වළ පල්ලට යවන්න තමා මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව සුදානම් වෙන්නේ.

ගුන්නෑපාන – ජානක සම්පත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment