අන්තරේ ක්‍රියාකාරිකයකු වූ නිදහස් මාධ්‍යවේදියා පැහැරගෙන ගිහින්- නැහැ ඔහු පොලිසිය භාරයේ

103

 – පොලිසිය මානව හිමිකම් කොමිසමට කියල

නිදහස් මාධ්‍යවේදියකු මෙන්ම අන්තර් විශ්වවිiාලයීය ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයකු වන ඇන්තනී වේරංග පුෂ්පික කිසියම් පිරිසක් විසින් ඊයේ (27 වැනිදා) පැහැරගෙන ගොස් තිබේ.

මොහු රුහුණු සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයෙකි.

කොළඹ, කොටුව ප්‍රදේශයේ පැවති විරෝධතාවකට සහභාගි වී බස් රථයක නැගී වෙනත් ගමනක් යමින් සිටියදී මෙම පැහැරගෙන යෑම සිදුවී ඇතැයි පැවසේ. මෙම පැහැර ගැනීම සඳහා හයදෙනකු සහභාගි වී ඇතැයි කියන අතර සමාජ මාධ්‍ය හරහා මීට පුළුල් ප්‍රචාරයක් ලැබී තිබිණි.

මෙම පැහැරගෙන යෑම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කළ පැමිණිල්ලකින් පසු අදාළ කොමිසම පොලිසියෙන් මේ පිළිබඳ විමසා ඇත. එහිදී පොලිසිය කොමිසමට දන්වා ඇත්තේ පැහැරගත් බව කියන ඇන්තනී වේරංග පුෂ්පික කොළඹ දකුණ අපරාධ විමර්ශන කාර්යාංශය භාරයේ සිටින බවයි. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතාගෙන් ඊයේ (27 වැනිදා) සවස ‘දිවයින’ කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ ඒ බව තහවුරු කරගෙන ප්‍රකාශ කළ හැකි බවයි.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment