දොස්තරට තිරිංග පැටළී සුපිරි රිය  බැංකුව ඇතුලේ

174

කහවත්ත නගරයේ පුද්ගලික බැංකු ශාඛාවක් තුළට සුඛෝභෝගි වාහනයක් කඩා වැදිමෙන් එම බැංකුවට අලාභ හානි සිදුවි ඇතැයි පොලිසිය පවසයි. පෙරේදා (22දා) වනදා උදෑසන අටට පමණ අනතුර සිදුවි තිබේ.

වාහනය ධාවනය කර ඇත්තේ එහි හිමිකරු වන දන්ත වෙද්‍යවරයෙකු බවද ඔහුට රථය පාලනය කරගත නොහැකිව අඩි කිපයක් උසැති පඩි මතින් වාහනය බැංකුව තුළට ගොස් තිබේ. තිරිංග වෙනුවට ඇක්ස්ලේටරය පෑගිමෙන් මෙය සිදුවි ඇතැයි පොලිසිය පවසයි. පුද්ගලික බැංකුවට අලාභ හානි සිදුවි තිබේ. නිවාඩු දිනයක් වු නිසා මෙදින බැංකුවේ රැදි සිටියේ ආරක්ෂකයෙකු පමණි. කිසිවෙකුටත් තුවාල සිදුවි නැත.

කහවත්ත සමරවිර නිරෝෂණ

advertistmentadvertistment
advertistmentadvertistment