පාසල් ක්‍රීඩා තරග කල් දමයි

267


පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙල අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව සංවිධානය කරන ලෙස විදුහල්පතිවරුන්ට චක්‍රලේඛයක් මගීන් දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ උෂ්ණාධික කාලගුණ තත්ත්වය නොසළකමින් පාසල් රැසක් නිවාසාන්තර ක්‍රීඩා උළෙල සංවිධානය කර ඇති බව නිරීක්ෂණය වී ඇති බවය.

පළමු පාසල්වාරය අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව ද ක්‍රියාත්මක වන බැවින් එම කාලයේ දී ක්‍රීඩා තරග පැවැත්වීමේ හැකියාව පවතින බව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment