වතු ආශි‍්‍රත ළමා මෙහෙකාර සේවය නවත්වන්න

535

දරුවන්ගේ ආරක්ෂාව ග‍්‍රාමීය මට්ටමින් ශක්තිමත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

 ළමා මෙහෙකාර සේවය පිළිබඳ අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව ඉන් ඉහළ ප‍්‍රතිශතයක් වතු ආශ‍්‍රිත දරුවන් බවත් මෙම තත්ත්වය වළක්වා ගැනීමට අවශ්‍ය බලතල ග‍්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක‍්‍රියාත්මක විය යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

 ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා රේඛීය ආයතන සමග ඊයේ (05 දා* පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡුාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

 වතු ආශ‍්‍රිත පවුල්වල තොරතුරු ග‍්‍රාම නිලධාරීන් සතුය. යම් නිවසක දරුවකු නොමැති බවට ලැබෙන තොරතුරු මත ඒ පිළිබඳව කඩිනමින් ක‍්‍රියාත්මක වී ළමා මෙහෙකාර සේවය නැවැත්වීමට පියවර ගත යුතු බව මෙහිදී ජනාධිපතිවරයා පැවසීය.

වතු ආශි‍්‍රත ළමා මෙහෙකාර සේවය නවත්වන්න

ළමා හා කාන්තා සංවර්ධනය සඳහා ”සෞභාග්‍යයේ දැක්ම’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් විශේෂ අවධානය යොමු කර තිබේ. එය යථාර්ථයක් බවට පත් කර ගැනීමට වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් ද ස්ථාපිත කෙරිණ.

 ළමා හා කාන්තා හිංසනයන් වැළැක්වීමට රාජ්‍ය අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා වෙනත් රටවල ළමා සංවර්ධනය සඳහා කර ඇති පර්යේෂණ අධ්‍යයනය කර, නාගරිකව හා ග‍්‍රාමීයව එම ක‍්‍රමවේදයන් ක‍්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පෙන්වා දුන්නේය.

 අනිවාර්යය කර ඇති පෙර පාසල්, පාසල් හා දහම් පාසල් අධ්‍යාපනයට සියලූ දරුවන් යොමු කරවීමත්, ළමුන් පාසල් නොයැවීමට හේතු සොයා ඊට පිළියම් යෙදීමත් ළමා ආරක්ෂක අධිකාරිය සතු ප‍්‍රධාන වගකීමක් බව ජනාධිපතිවරයා සඳහන් කළේය. සියලූ ආගම්වලට අයත් ළමුන් දහම් පාසල් වෙත යොමු කිරීමෙන් ලැබෙන ආධ්‍යාත්මික ගුණ වගාව තුළින් දරුවන් හා දෙමාපියන් අතර සම්බන්ධය ශක්තිමත් කළ හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

 මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වී ඇති දරුවන් ඉන් මුදා ගත යුතු අතර ඊට සමගාමීව ඔවුන් ඒ සඳහා පෙළඹීමට බලපෑ සාධක අධ්‍යයනය කර පිළියම් දීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

වතු ආශි‍්‍රත ළමා මෙහෙකාර සේවය නවත්වන්න

සේවා ස්ථාන වශයෙන් ගෙන කාන්තා හිංසනය පිළිබඳව දැනුවත් කිරීම, මව්වරුන් විදේශගත පවුල්වල දරුවන් පිළිබඳ විශේෂ සැලකිල්ලට ලක්කිරීම, හිංසනයට ලක්විය හැකි බවට සැක සහිත පවුල්වල දරුවන් පිළිබඳ පෙර හඳුනාගැනීමේ අවශ්‍යතාව ද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

”සෞභාග්‍යයේ දැක්ම’’ ප‍්‍රකාරව ජාතික ළමා ආරක්ෂක ප‍්‍රතිපත්තිය එළිදැක්වීමට අවශ්‍ය සියලූ කටයුතු නිම වෙමින් පවතින බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප‍්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදියුදීන් මහතාගේ නිවසේ දී පිලිස්සීමට ලක් වී මිය ගිය දැරිය වෙනුවෙන් නිවසක් ඉදිකර දීමට හා පවුලේ ආර්ථික තත්ත්වය නඟා සිටුවීමටත්, සහෝදරියන් දෙදෙනකුට ස්වයං රැුකියා අවස්ථා උදාකර දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව පියල් නිශාන්ත මහතා සඳහන් කළේය.

ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. එස්. ඞී. ජයසේකර, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ යන මහත්ම මහත්මීහු සහ අදාළ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ ඇතුළු නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.



 

advertistmentadvertistment
advertistmentadvertistment