මහින්දට ගෝඨාට සම්බාධක පැනවූ කැනඩාවට ශ්‍රී ලංකාවේ විරෝධය

143

ඇමැති අලි සබ්රි කොමසාරිස්වත් කැඳවයි

මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන්ට සහ හමුදා සාමාජිකයින් දෙදෙනකුට එරෙහිව සම්බාධක පැනවීමට කැනඩාව ගෙන ඇති තීරණයට විරෝධය පළකිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් විරෝධය පළකිරීම සඳහා විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා ඊයේ (11) පෙරවරුවේ මෙරට ශ්‍රී ලංකාවේ කැනේඩියානු වැඩබලන මහ කොමසාරිස්වරයා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත කැඳවනු ලැබීය.

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලාංකිකයින් සිව්දෙනකුට සම්බාධක පැනවීමට තීරණය කළ බව කැනේඩියානු රජය පෙරේදා (10) නිවේදනය කළේය.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment