ඉන්ධන බවුසර්වලට ආරක්ෂාව ඉල්ලයි

286


ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථවලට පොලිස් ආරක්ෂව ලබාදෙන ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.දින දෙකක් ඇතුළත මෙම ආරක්ෂාව ලබාදෙන ලෙසත් එසේ නොලැබුණහොත් ඉන්ධන ප්‍රවාහනයෙන් ඉවත්වන බවත් පවසයි.මේවන විට විවිධ පුද්ගලයින් විසින් ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථ නියමිත ඉන්ධන පිරවුම්හල් වෙත යාමට නොදී වෙනත් ඉන්ධන පිරවුම්හල් වෙත රැගෙනයාමට උත්සාහා කිරීම නිසා අනාරක්ෂිත තත්ත්වයක් මතුව ඇතැයි ද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment