ආර්ථික සභාවට රනිල් පත් කළ යුතුයි – වජිර අබේවර්ධන

326

රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් ම කඩාවැටී රට අර්බුද රැුසකට මුහුණ දී සිටින අවස්ථාවේ එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ආර්ථික සභාව නියෝජනය කළයුතු යැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

රට මෙවැනි අනතුරුදායක තත්ත්වයකට පත්වන බව රනිල් වික‍්‍රමසිංහ මහතා මීට වසරකට පෙර ප‍්‍රකාශ කළ බවත්, මේ තත්ත්වයේ වෙනසක් කරන්න නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා ඉල්ලා සිටි බවත් එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රවර්ධන වැඩසටහනට එක්වෙමින් වජිර අබේවර්ධන මහතා කියා සිටියේය.

මෙම වැඩසටහන පෙරේදා (12 දා) කොළඹ දිස්ත‍්‍රික්කය කේන්ද්‍ර කරගෙන එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර ඇතුළු එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් දිස්ත‍්‍රික්කය පුරා පැවැත්විණි. මෙම වැඩසටහන 12 සහ 13 දිනවල කොළඹ දිස්ත‍්‍රික්කය තුළ ක‍්‍රියාත්මක කළ අතර ඊයේ (13 දා* සවස පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ටයිටස් පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් කිරුළපනේදී පැවැත්විණි.

දෙහිවල ප‍්‍රදේශයේ සංවිධානය කර තිබූ එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රවර්ධන වැඩසටහනට එක්වෙමින් වජිර අබේවර්ධන මහතා මෙසේද පැවසීය.

රට මේ වන විට අර්බුද රැුසකට මුහුණ දී සිටිනවා. ආණ්ඩුවේ අවිධිමත් පාලනය නිසා රටේ සෑම ක්‍ෂේත‍්‍රයක්ම කඩාවැටෙමින් පවතිනවා. මෙලෙස රට කඩා වැටීමට නොදී රටත් ජනතාවත් ආරක්‍ෂා කර ගැනීමට අපේ පාලන කාලය තුළ අපි කටයුතු කළා.

පසුගිය මැතිවරණවලදී දේශපාලකයන් ජාතිවාදය වැපුරුවා. ජාතිවාදය පතුරුවලා රටට ආරක්‍ෂාවක් නැතැයි කියා එජාප පාලනය වෙනස් කළා. රට මුහුණ පා තිබෙන වත්මන් අර්බුදවලට විසඳුම් සෙවීම සඳහා ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගත යුතු බව ඇතැම් අය කියනවා. මේ ඒකාබද්ධ ආණ්ඩු ක‍්‍රියාත්මක කරන අවස්ථාවක් නොවේ. අසරණව සිටින ජනතාව මුදාගත යුතුව තිබෙන අවස්ථාවක්.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment