අදුරදර්ශී අධර්මිෂ්ඨ මේ කෲර පාලනයට එරෙහි ජනඅරගලයේදී චමින්ද ලක්‍ෂාන් ඝාතනය වුණා – ඕමල්පේ සෝභිත නාහිමි

514


* පොලිසිය හා හමුදාව සතු අවි පත්තු  කළ යුත්තේ අරගල කරන ජනතාවට නොවේ

* නායකයන් දෙන අණ ගැන නොව ඔබේ හෘද සාක්‍ෂිය ගැන සිතන්න

* රජයට කොරොනා හැදිලා… ගඳ සුවඳ දැනෙන්නේ නැහැ

රඹුක්කන පොලිස් වෙඩි තැබීමේදී මියගිය චමින්ද ලක්‍ෂාන්ගේ  අවමඟුල

අදුරදර්ශී අධර්මිෂ්ඨ මේ කෲර පාලනයට එරෙහි ජනඅරගලයේදී චමින්ද ලක්‍ෂාන් ඝාතනය වුණා - ඕමල්පේ සෝභිත නාහිමි

පෝළිම්වල දුක් විඳින අරගල කරන ජනතාවගේ දුක නොදකීනම් ඔහු බත් කන නිලධාරියෙක් නොවේ

චමින්ද ලක්‍ෂාන් මියගියේ තම පවුල වෙනුවෙන් නොවේ. සමස්ත ජාතියම වෙනුවෙන්. අදූදර්ශී, අධර්මිෂ්ඨ, කෲර පාලකයන්ට විරුද්ධව ගෙනගිය අරගලයේදී පාලකයන්ගේ වෙඩි උණ්ඩයක් ඔහුගේ වටිනා ජීවිතය අහිමි කළා. ඔහුගේ ජීවිතය වන්දනීයයි. ඒ නිසා මේ ජීවිතයට වටිනාකමක් දෙමින් පවතින අරගලය සාමකාමීව පවත්වාගෙන යෑමට දේහය ඉදිරිපිටදී ප්‍රතිඥා දිය යුතු යැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක හා ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති ආචාර්ය ඕමල්පේ සෝභිත හිමිපාණෝ රඹුක්කන විරෝධතාවයකදී පොලිස් වෙඩි වැදීමෙන් මියගිය චමින්ද ලක්‍ෂාන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට පෙර අවමඟුල් උත්සවයේදී විශේෂ අනුශාසනාවක් පවත්වමින් පැවසූහ.

අදුරදර්ශී අධර්මිෂ්ඨ මේ කෲර පාලනයට එරෙහි ජනඅරගලයේදී චමින්ද ලක්‍ෂාන් ඝාතනය වුණා - ඕමල්පේ සෝභිත නාහිමි

මෙම අවස්ථාවට රාමඤ්ඤ මහා නිකායේ අනුශාසක දීවෙල මහින්ද, එරත්නේ ගුණානන්ද යන හිමිවරුන් ඇතුළු භික්‍ෂුන් වහන්සේ හැටනමක් සහභාගිවී සිටියහ.

මෙහිදී තවදුරටත් අනුශාසනාව පැවැත්වූ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ මෙසේද කීහ.

අදුරදර්ශී අධර්මිෂ්ඨ මේ කෲර පාලනයට එරෙහි ජනඅරගලයේදී චමින්ද ලක්‍ෂාන් ඝාතනය වුණා - ඕමල්පේ සෝභිත නාහිමි

මේ මරණය අද පවතින සමාජ අසාධාරණය වෙනුවෙන් හඬනඟන්න ගිහින් සිදුවුණ මරණයක්. මේක පවුලේ අයට පමණක් ඇතිවූ වේදනාවක් නොවේ. මුළු ජාතියටම සිදුවූ වේදනාවක්. මේ මොහොතේ අපි බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. රජයේ අවනීතිය නිසා අහිංසක ජීවිතයක් බිළිවුණා. අද මිනිස්සු රජය පිළිකුල්කරන තත්ත්වයට පත්වෙලා. ඔවුන් ළඟ තියෙන කාල තුවක්කු, ගිනි අවි ඔවුන් සිතන්නේ ඔවුන්ගේ පෞද්ගලික ආරක්‍ෂාවට ඒවා තිබෙනවා කියලයි. ඒකයි ජනතාවට කොකා ගැස්සුවේ.

රජය කොරෝනා හැදිල වගෙයි ඉන්නේ. ඔවුන්ට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. ඔවුන්ට හොඳ නරක තේරෙන්නේ නැහැ. අපි පොලිසියට, ආරක්‍ෂක හමුදාවන්ට කියනවා ඔබේ අතේ තිබෙන ඔය ගිනි අවිය පත්තුවිය යුත්තේ බඩගින්න නිවාගන්න අරගල කරන මිනිසුන්ට නොවේ. කිරි පිටි ටික ඉල්ලා හඬන දරුවා ගැන ඔබේ අවධානය නැද්ද? මතක තියාගන්න ඔබේ වැටුප් ගෙවන්නේ මේ පීඩිත ජනතාව. ඔබත් බත් කන නිලධාරියෙක් නම් මේ ගැන සිතන්න. නායකයන් දෙන අන ගැන සිතන්න හෘද සාක්‍ෂියට එකඟව. පෝළිම්වල දුක්විඳින අරගල කරන ජනතාවගේ දුක නොදකීනම් ඔහු බත් කන නිලධාරියෙක් නොවෙයි.

චමින්ද ලක්‍ෂාන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පෙරේදා (23 දා) සවස නාරම්බැද්ද, කරගස්තැන්න පවුලේ සුසාන භූමියේදී සිදුකෙරිණි.

සුජාතා ජයරත්න සහ ඇම්. බී. පහලවත්ත – කෑගල්ල
 

advertistmentadvertistment
advertistmentadvertistment