ශ්‍රී ලංකාවට එරෙහි බංග්ලාදේශ ටෙස්ට් සංචිතය නම් කරයි

268

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම නම් කර තිබේ. ඒ අනුව ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් එම සංචිතය සඳහා උරහිසේ ආබාධයකට ලක්ව සිටින වේග පන්දු යවන ටස්කින් අහමඩ් නම් කොට නොමැති අතර වළලුකර ආබාධායකට ලක්ව සිටි ෂොරිෆුල් ඉස්ලාම් ඇතුළත්ව සිටී.

 නිමාවට පත්වූ දකුණු අප්‍රිකානු සංචාරයේදී උරහිසේ ආබාධයකට ලක් වූ ටස්කින් අහමඩ් තවමත් සුවය ලබා නොමැති අතර එම තරගාවලියේදීම වළලුකර ආබාධයකට ලක් වූ ෂොරිෆුල් ඉස්ලාම්ගේ තත්ත්වය සුව අතට හැරී ඇති හෙයින් ඔහු ශ්‍රී ලංකාවට එරෙහි සංචිතයට නම් කර තිබේ.

 බංග්ලාදේශ ප්‍රබල ක්‍රීඩක ශකීබ් අල් හසන්ද ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් සංචිතයට නම්කර ඇති අතර මෙම තරගාවලියේදී නවක ක්‍රීඩකයන් වන රෙජර් රහමන් සහ ෂොයිදුල් ඉස්ලාම්ටද පළමුවරට ටෙස්ට් වරම් හිමිවී තිබේ.

 ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 15 වැනිදා ආරම්භ කෙරෙන අතර එහි දෙවැනි තරගය ලබන 23 වැනිදා ආරම්භ වේ.

 බංග්ලාදේශ සංචිතය – මොමිනුල් හක් (නායක), තමීම් ඉක්බාල්, මහමුදුල් හසන්, නජ්මුල් හසන්, මසුෆිකර් රහීම්, ෂකීබ් අල් හසන්, ලිටන් දාස්, යසීර් අලී, තයිජුල් ඉස්ලාම්, මෙහෙදී හසන්, එබඩොට් හසන්, කලීඩ් අහමඩ්, නුරුල් හසන්, රෙජර් රහමන්, ෂොයිදුල් ඉස්ලාම්, සොරිෆුල් ඉස්ලාම්.

advertistmentadvertistment
advertistmentadvertistment