අම්පිටියේ සුමනරතන හිමියෝ බල්ලා නිසා දිවි ගලවාගත් හැටි පවසති

592


රාත්‍රීයේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයා පරුෂ වචනයෙන් බැන වදිමින් තමන්ට වෙඩි තියන්නට සුදානම්වු බවත් පන්සලේ සිටි බල්ලා නිසා දිවි ගලවා ගත් බවත් මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ පැවසුහ.
ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහස්සේ මෙසේද පැවසූහ.
මම මේ දිනවල ඉන්නේ කෙවිලියාමඩුව පන්සල්ගල අභිනවාරාම පුදබිමේ. මිට මාස ගණනකට පෙර මට කිසියම් පුදගලයෙක් වෙඩි තැබිම නිසා මේ වන රාත්‍රී කාලයේ පොලිසියෙන් ආරක්ෂාවට දෙදෙනෙක් එවනු ලබනවා.
ඉකුත් හතර වැනිදා මම රාත්‍රී 12ට පමණ බෝධිය අසළ විදුලි පහන් නිවන්න ආවා. ඒ වෙලේ බෝ මඵව පිටු පසින් ගොරවන ශබ්දයක් ඇසුනා . මම ඒ දෙසට යද්දී සිවිල් ආරක්ෂක බළකායේ අය සහ පොලිස් සැරයන් වරයාත් නිදි. මම ඒද්දි බය වෙලා ඇහරුනු පොලිස් සැරයන්වරයා පිස්තෝලය අතට ගෙන මට වෙඩි තියන්න එල්ල කළා. “මම හාමුදුරුවෝ කීවාම එයා මාව අදුර ගත්තා. මෙහම කුකුළා ගගා කොහොම ද ආරක්ෂා කරන්නේ කියා මා දොස් කියද්දි ඔහු මට දිගින් දිගටම පරුෂ වචනයෙන් බැන වදිමින් මට පිස්තෝලය එල්ල කරමින් වෙඩි තියන්නට උත්සාහ කළා. ඒ අවස්ථාවේ පන්සලේ ඇති කරන බල්ලා පැමිණ ඔහුගේ ඇගට පැන්නා. ඔහු බල්ලා සමග පොර බදින අවස්ථාවේ මම ඉක්මනින් ගොස් ඝණ්ඨාරය නාද කළා . ඒ මොහාතේ ගම්වාසින් පන්සලට දුවන් ආවා. මම 119 දුරතකන අංකයට මේ ගැන දැනුම් දුන්නා. ඒත් වැඩක් වුනේ නැහැ. මම පස්සේ අම්පාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ අම්පාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට මේ ගැන දුරකතනයෙන් දැනුම් දුන්නා . ඒ අනුව ඊට පසු සහකාර පොලිස් අධිකාරිවරයෙකු පාන්දරම අප පන්සලට පැමිණියා. මට වෙඩි තියන්නට සැරසුන පොලිස් සැරයන්වරයා මිට පෙර කෙවිලියාමඩුව වැව ඉස්මත්තේ ඉඩම් බලෙන් අල්ලන්නට වැටක් ගසා තිබියදි ගම්වාසින් ගොස් වැට ගලවා දැමීම නිසා මා සමග උරණව සිටි අයෙකි. මාව අත් අඩංගුවට ගන්න යැයි කියමින් ඔහුගේ බිරිද සතියක පමණ කාලයක් රෝහල්ගත වෙලා සිටියා. ඔහු රජයේ ඉඩම් භූක්ත විදින නිසා ඒ ආදායමෙන් කොටසක් අහිංසක මිනිසුන්ට දෙන්න කියු නිසා ඔහු මා සමග උරනව සිටි අයෙකි්. මා සමග එලෙස වෛරයෙන් සිටින අයෙකු හට මංගලගම පොලිසියේ ස්ථානාධිපතිවරයා පිස්තෝලයක් අතට දී එවා තිබියදී බල්ලා නොපැමිණෙන්නට මාගේ ජිවිතය අවසන් වෙන්නට ඉඩ තිබුනා. මාගේ ආරක්ෂාවට මා සමග වෛරයෙන් පසුවන අයෙකු එවීම කුමන්තණයැක්දැයි මට සිතෙනවා. මංගලගම පොලිසියෙන් මට කෙතරම් අසාධරණකම් සිදු වුවද අම්පාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, අම්පාර ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ මහඔය සහකාර පොලිස් අධිකාරිවරයා මා සමග සුහදව කටයුතු කරන නිසා මංගලගම පොලිීසියේ අසධාරණකම් ඉවසා සිටියා. නමුත් මංගලගම පොලිසියේ නිළධාරින් කෙවිලියාමඩුවේ අනවසරයෙන් ඉඩම් අල්ලා ගැනිම නිසා ගැටඵ රැසක් පැන නැගී තිබෙනවා. ඉදිරියේදි මාගේ ජිවිතයට හානියක් සිදුවුවහොත් ඒ පිලිබදව මංගලගම පොලිසිය වගකිව යුතුයැයිද සුමනරතන හිමියෝ දිවයිනට වැඩිදුරටත්අදහස දක්වමින් සඳහන් කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment