ඉන්දීය ගුවන් හමුදාපති නිල සංචාරයකට දිවයිනට

178

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්රි මහතා නිල සංචාරයක් සඳහා අද (01දා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රධානී එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය ගුවන් හමුදාපතිවරයා මෙරටට පැමිණෙයි.

1982 දී ප්‍රහාරක ගුවන් නියමුවකු ලෙස ඉන්දීය ගුවන් හමුදාවට බැඳුණු එයාර් චීෆ් මාර්ෂල් චෞද්‍රි ප්‍රහාරක ජෙට් යානාවල පැය 3,800 කට අධික කාලයක් පියාසර කර ඇති දක්ෂ නිලධාරියෙකි. ඔහු ඉන්දීය ගුවන් හමුදාවේ සූර්ය කිරන් ගුවන් යානා නිරූපණ කණ්ඩායමේ ආරම්භක සාමාජිකයකු ද වේ. 2021 සැප්තැම්බර් 30 සිට ඔහු ඉන්දීය ගුවන් හමුදාවේ 27 වැනි ගුවන් මාණ්ඩලික ප්‍රධානියා ලෙස සේවය කරයි.

මෙරට රැඳී සිටින කාලය තුළ ඉන්දීය ගුවන් හමුදාපතිවරයා ජනපති, අගමැති, ආරක්ෂක රාජ්‍ය ඇමැති සහ ආරක්ෂක ලේකම්වරයා හමුවීමට නියමිතය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment