මේ උණුසුම් කාලයේ සීනි අඩංගු පැණි බීම සුදුසුම නෑ

98

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

අධික උෂ්ණත්වයක් පවතින මෙම කාල වකවානුව තුළ පුද්ගලයන් ජලය, තැඹිලි, කුරුම්බා, ජීවනී, කැඳ සහ පලතුරු යුෂ වර්ග වැඩි වැඩියෙන් පානය කිරීම ඉතා යෝග්‍ය බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ‘දිවයින’ ට පැවසීය.

මෙම කාලයේ සීනි අධිකව අඩංගු පැණිබීම වර්ග පානය කිරීම නුසුදුසු බව ද අධික අව්ව ඇති මෙම කාලය තුළ හැකිතාක් සම ආවරණය කර ගැනීම ඉතා වැදගත් බව ද ඒ මහතා සඳහන් කළේය. අධික උෂ්ණත්වය සමේ බිබිලි ඇති කිරීමේ තත්ත්වයේ සිට හීට් ස්ට්‍රොක් නමැති තත්ත්වය දක්වා පරාසයක විහිදෙන බවත්, ඒ නිසා අධික උෂ්ණත්වයට නිරාවරණය වීම හැකිතාක් දුරට අඩු කර ගැනීම ඉතා වැදගත් බවත් ඒ මහතා පැවසීය.

රැකියා ස්ථානයක වායු සමීකරණ යටතේ සේවය කරන පුද්ගලයකු ජලය ලීටර් 3 කට ආසන්න ප්‍රමාණයක් පානය කිරීම සුදුසු බවත් කුඹුරේ හෝ වැඩබිමක සේවය කරන පුද්ගලයකු ජලය ලීටර් 3කට අධික ප්‍රමාණයක් පානය කිරීම ඉතා වැදගත් බවත් හෙතෙම කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment