කළුතර වෙරළේ මළ සිරුර දෙක හදුනා ගනී

3406

උතුරු කළුතර වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයාගත් මළසිරුරු දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මවකගේ සහ දියණියකගේ බවට හදුනාගෙන තිබේ.ඊයේ (27) පස්වරුවේ උතුරු කළුතර වෙරළ තීරයේ තිබී දැරියකගේ මළ සිරුරක් සොයාගෙන තිබූ අතර, එම වෙරළ තීරයටම ගොඩගසා තිබූ කාන්තාවකගේ මළ සිරුරක් අද පෙරවරුවේ සොයාගෙන තිබිණි.සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී මියගිය දැරිය සහ කාන්තාව දොඩංගොඩ හල්කදවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි මවක් සහ ඇයගේ අවුරුදු 02ක් වූ දියණිය බවට හදුනාගත් බව පොලීසිය වාර්තා කරයි.ඔවුන් දෙදෙනා මීට දින දෙකකට පෙර නිවසින් බැහැරව ගොස් ඇති බවටද පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment