වනජීවී නිලධාරීන්ගේ පමාවෙන් දුරලභ ගණයේ තවත් කොටියකුගේ දිවි අහිමි වෙයි

208

මිනිපේ, හසලක ප‍්‍රදේශයේදී සතුන් දඩයම් කිරීම සඳහා ඇටවූ මද්දකට අසුවී තවත් කඳුකර කොටියෙකුගේ දිවි අහිමිවීමක් පෙරේදා (11) වාර්තා විය.

හසලක මහගලඉන්න ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට තම නිවස ආසන්න කැළයේ සතෙකු කෑ ගසන හඬක් ඇසී සිදු කළ සොයා බැලීමේදී මද්දකට හසුවී සිටින කොටියකු පෙරේදා (11) දින අලූ‍යම 5.30ට පමණ දැක ඇත. ඔහු විසින් කඩිනමින් ඒ පිළිබඳව හසලක වනජීවී කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කර ඇත.

ගම්වාසීන් පවසන ආකාරයට පැයකට පමණ පසු හසලක වනජීවී කාර්යාලයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇත. ඔවුන් එම ස්ථානයේ සත්වයාගේ ආරක්ෂාව සලසා වනජීවී රංදෙනිගල සිටින පශූ වෛද්‍යවරයා කැඳවීම සිදු කර ඇත. පශු වෛද්‍යවරයා රන්දෙනිගල සිට පැමිණිය යුතු වුවත් ඔහුගේ රථයේ ආබාධයක් ඇතිවී ඇති බව දුරකථනයෙන් හසලක නිලධාරීන් දැනුවත් කිරීම හේතුවෙන්, වෙනත් රථයක් වෛද්‍යවරයා රැුගෙන ඒමට රංදෙනිගල දක්වා පිටත් කර යැවීමට සිදුව ඇත. වෛද්‍යවරයා සිද්ධිය වූ ස්ථානයට ළඟා වන විටත් කොටියා මියගොස් සිටි බව ගම්වාසීන් පවසති.

ගම්වැසියන් චෝදනා කරන්නේ වෛද්‍යවරයාගේ පමාව නිසා කොටියා මියගිය බවයි. ඉන්පසු වනජීවී නිලධාරීන් විසින් කොටියාගේ සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා රන්දෙනිගල වනජීවි කාර්යාලයට රැුගෙන යනු ලැබීය.

මහියංගණ – රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment