2022 සැප්තැම්බර් 30 න් අවසන් වූ මාස නවය සඳහා සෙලාන් බැංකුව රු.මි.2,505ක බදු පසු ලාභයක් වාර්තා කරයි

41

සෙලාන් බැංකුව විසින් 2022 වසරේ සැප්තැම්බර් මස 30 වැනි දිනෙන් අවසන් වූ මාස නවයක කාලය තුළ දී රු. මිලියන 2,505 ක පසු බදු ලාභයක් වාර්තා කිරීමට සමත් විය.

නිදහසින් පසු ශ්‍රී ලංකාව වාර්තා කළ අයහපත්ම මූල්‍ය තත්ත්වයන් යටතේ ඇති වූ අස්ථාවර මූල්‍ය පසුබිමක් පවතින අවස්ථාවක දී මෙවැනි බදු පසු ලාභයක් නැවත වරක් වාර්තා කිරීමට සෙලාන් බැංකුව සමත් වීම මූල්‍ය විශ්ලේෂකයන්ගේ ප්‍රශංසාවට හේතු වී තිබේ.

සැප්තැම්බර් මස 30 වැනි දිනෙන් අවසන් වූ මාස 9ක කාලය සඳහා බැංකුවේ ශුද්ධ පොලී ආදායම වසරක් මත වසරක් ආකාරයට 63.82% කින් වර්ධනය වූ අතර එහි මූල්‍යමය අගය රු. මිලියන 17,068 සිට රු. මිලියන 27,960 දක්වා වර්ධනය විය. එම මාස 9 ක කාලය තුළ දී බැංකුව් ශුද්ධ ගාස්තු පදනම් වූ ආදායම 38.22% කින් වර්ධනය වූ අතර එය රු. මිලියන 3,270 සිට රු. මිලියන 4,520 දක්වා ඉහළ ගොස් තිබිණ. මෙම වර්ධනය සඳහා මූලික වශයෙන් බලපා ඇත්තේ වෙළෙඳ මූල්‍ය හා කාඩ්පත් ආශ්‍රිත ආදායම්වල සිදු වූ වර්ධනයයි.

වෙළෙඳ කටයුතු ඔස්සේ ලැබූ ශුද්ධ ලාභයන්, මූල්‍ය වත්කම් හඳුනා නොගැනීම නිසා ලැබූ ශුද්ධ ලාභයන්, විදේශ විනිමය ගනුදෙනු ඔස්සේ ලැබූ ශුද්ධ ලාභයන් මෙන් ම සෙසු මෙහෙයුම් ආදායම් ඇතුළත් වන පරිදි අනෙකුත් ආදායම් ශීර්ෂයන් පෙර වසරට වඩා 37.13% කින් වර්ධනය වූ අතර 2022 වසරේ අදාළ මාස නවය තුළ දී ශුද්ධ ලාභය රු. මිලියන 1,979 සිට රු. මිලියන 2,715 දක්වා ඉහළ ගියේය. මෙම ඉහළ යෑම ප්‍රධාන වශයෙන් වාර්තා වී ඇත්තේ ශුද්ධ විදේශ විනිමය ප්‍රති-ඇගයීමේ ප්‍රතිඵලයක් ලෙසින් වාර්තා වූ ප්‍රතිලාභවලිනි. අදාළ මාස නවයක කාලය තුළ දී සමස්ත වියදම් ප්‍රමාණය 9.75% කින් ඉහළ ගිය අතර පෙර වසරේ අදාළ කාල සීමාවේ දී වාර්තා වූ රු. මිලියන 10,036 ට සාපේක්ෂ ලෙස 2022 වසරේ අනුරූප කාල සීමාවේ දී සමස්ත වියදම් ප්‍රමාණය රු. මිලියන 11,015 ක් දක්වා ඉහළ ගොස් තිබිණ. සාමූහික ගිවිසුමට අනුව කාර්ය මණ්ඩල ප්‍රතිලාභ වර්ධනය වීම හේතුවෙන් කාර්ය මණ්ඩල වියදම් රු. මිලියන 530 කින් ඉහළ ගියේය. ඉහළ උද්ධමනය සහ දේශීය මුදල් අවප්‍රමාණ වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මිලදී ගැනීම් සහ සේවාවන් මිල ඉහළ යෑම නිසා සෙසු මෙහෙයුම් වියදම් සහ ක්ෂයවීම් මෙන් ම ක්‍රමක්ෂය වියදම් ද 10.39% කින් ඉහළ ගියේය. කෙසේවෙතත්, පිරිවැය කප්පාදු කිරීම සඳහා බැංකු විසින් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment