සෙලාන් බැංකුව තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වේ

115

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී බැංකු කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා වරලත් සහතිකලත් ගණකාධිකාරී සංගමය (Association of Chartered Certified Accountants Sri Lanka – ACCA) මගින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි.

‘Connecting the Possibilities’ යන තේමාව යටතේ ප්‍රකාශයට පත්කරන ලද සෙලාන් බැංකුවේ වාර්ෂික වාර්තාව, විනිවිදභාවය සහ වගවීම යන මූලික ගුණාංග ඒකාබද්ධ කරමින් තම පාර්ශ්වකරුවන් වෙනුවෙන් තිරසාර වර්ධනයක් ළඟා කරදීම හා ධනය උත්පාදනය කිරීම සඳහා බැංකුව දරන උත්සාහය සම්බන්ධයෙන් මූලික අවධානයක් යොමුකරයි. වගකිවයුතු ආයතනික පුරවැසියෙකු වශයෙන් සෙලාන් බැංකුවේ මූලික ඉලක්කය වන්නේ, තම පාර්ශ්වකරුවන්ගේ ජීවනෝපාය මාර්ග වැඩිදියුණු අතරම පරිසරයට ඇතිවන බලපෑම අවම කරමින්, ප්‍රජා සත්කාර ඔස්සේ තමන් සිදුකරන සමාජ මෙහෙවර තවදුරටත් පුළුල් කිරීමය.

සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (ව්‍යාපෘති) රන්දික ජයතිස්ස, ශ්‍රී ලංකා වරලත් සහතිකලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජික ජාල මණ්ඩල සභාපති නන්දික බුද්ධිපාල, සෙලාන් බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනී චම්පිකා දොඩන්වල, ප්‍රධාන ආරාධිත සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තිරසාර සංවර්ධන ඉලක්ක විශේෂඥ දුලනි සිරිසේන සහ වරලත් සහතිකලත් ගණකාධිකාරී සංගමයේ දකුණු ආසියානු ඒකක ප්‍රධානී නිලූෂා රණසිංහ යන මහත්ම මහත්මීහු ඡායාරූපයේ වෙති:

advertistmentadvertistment
advertistmentadvertistment