එංගලන්තයේ පුංචි වීරයෝ

470

ගිනිගැනීමකට ලක්වන නිවසක සිරවී සිටි ජීවිත තුනක් බේරාගත් පුංචි වීරයන් දෙදෙනකුගේ පුවතක් පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ. මේ සිදුවීම වාර්තා වන්නේ එංගලන්තයෙන්ය.

 මෙම වීර ක‍්‍රියාව සිදුකරන්නේ ඇන්තනි ලොම්බාර්ඩි සහ මාරියෝ කොමෙලා යන අවුරුදු 12 සහ 13 වයස්වල පසුවන දරුවන් දෙදෙනකු විසිනි.

 ඔවුන් දෙදෙනා තම මිතුරෙකුගේ නිවසක් පසුකර යන අවස්ථාවේ නිවසේ ගිනි ගැනීම් පිළිබඳව අනතුරු ඇඟවීමේ සංඥාව නාද වී ඇත.

 එම අවස්ථාවේ ඔවුන් නැවත එහි පැමිණ ඉතා ඉක්මනින් ඔවුන්ගේ මිතුරාගේ පියාට දුරකථන ඇමතුමක් ලබාගෙන තිබේ.

 එහිදී ලැබෙන රහස් අංකය භාවිත කර නිවසේ ඉදිරිපස දොර විවෘත කරගන්නා මෙම දරුවන්ට නිවසේ සිරවී සිටි සුනඛයන් තිදෙනෙකුගේ දිවි බේරාගැනීමට හැකිව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment