යාපනයේ රෙදිපිළි වෙළෙඳසල ගිනි තබන්න කොන්ත්‍රාත්තුව දුන් බෙල්ජියමේ පදිංචි යාපනයේ කතගේ ගෝලයෝ මාට්ටු

90

යාපනය නගරයේ රෙදිපිළි වෙළෙඳසලක් ගිනි තැබීම සඳහා බෙල්ජියමේ සිටින යාපනයේ කාන්තාවක් විසින් මෙහෙයවන ලද කොන්ත්‍රාත්තුවක් පිළිබඳ යාපනය පොලීසියට තොරතුරු ලැබීමෙන් පසුව සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මීට සති දෙකකට ඉහතදී මෙම රෙදිපිළි වෙළෙඳසලට ගිනි තැබීම නිසා රුපියල් කෝටි පහක් පමණ වටිනා රෙදිපිළි හා වෙළෙඳසලේ නවතා තිබූ මෝටර් රථයක් හා යතුරු පැදියක් ගිනිගෙන විනාශ වී ගොස් තිබුණි.

බෙල්ජියමේ සිටින යාපනයේ කාන්තාව හා යාපනයේ රෙදිපිළි අලෙවිසල පවත්වා ගෙන යන පුද්ගලයා අතර කාලයක සිට ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් හට ගෙන ඇති විරසකයක් නිසා ඉන් පලිගැනීමට මෙම ක්‍රියාව සිදු කොට අති බවට පොලීසිය තොරතුරු හෙළිකර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් යාපනය පොලීසියට පුද්ගලයෙකු විසින් සපයන ලද තොරතුරක් ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමේදී රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් බැංකුවක තැන්පත් කළ පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු හෙළි වී තිබේ.

පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම වෙළෙඳසල ගිනි තබා විනාශ කිරීම සඳහා දැනට බෙල්ජියමේ සිටින යාපනයේ කාන්තාවක් මෙම සැකකරු ඇතු`එ‍ තවත් දෙදෙනෙකුට රුපියල් ලක්ෂ 12 ක කොන්ත්‍රාත්තුවක් ලබා දුන් බව හෙළි වී තිබේ.

එසේ ගිවිස ගත් කොන්ත්‍රාත්තුවේ මුල් කොටස රුපියල් ලක්ෂ හතක මුදල ලබා දී ඇති අතර ඉන් මෙම සැකකරුට ලැබුණු මුදලෙන් ලක්ෂ එකහමාර බැංකුවේ තැන්පත් කොට ඇත.

ඔහුගෙන් ලද තොරතුරුවලට අනුව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා කාන්තාව විසින් ලබා දෙන ලද මුදලෙන් මිලට ගත් යතුරු පැදි දෙකක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන්ගේ නිවාස පරීක්ෂා කිරීමේදී කඩු දෙකක් හා පිහි හතරක් හමු වී ඇති අතර වෙළෙඳසල ගිනි තැබීමට ගිය අවස්ථාවේදී එම කඩු හා පිහිද මෙම සැකකරුවන් විසින් රැගෙන ගිය බවට තොරතුරු අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය අධිකරණයට ඉදිරිපත් කොට ලබා ගත් රැඳවුම් නියෝගයක් මත ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment