අරුණාචල් ප්‍රාන්ත දේශ සීමාවේදී ඉන්දීය – චීන හමුදා ගැටෙති

285

ඉන්දීය හා චීන හමුදා භටයන් අතර ගැටුමක් අරුණාචල් ප්‍රාන්ත දේශසීමාවේදී ඇතිව තිබේ.

පසුගිය 09 වැනිදා ඇති වූ මෙම ගැටුමෙන් ඉන්දීය සෙබළුන් විසිදෙනකු සුළු තුවාල ලබා ඇත. මෙම ගැටුම සඳහා ගිනි අවි භාවිතා කර නැත.

අරුණාචල් ප්‍රාන්තයේ ටවාන්ග් ප්‍රදේශයේදී මෙම ගැටුම ඇතිවී තිබේ. 2020 ලඩාක් හි චීන ඉන්දීය භට පිරිස් අතර ඇතිවූ ගැටුමෙන් ඉන්දීය සෙබළුන් 24 දෙනෙක් මරණයට පත්වූහ.

චීනය හා ඉන්දියාව අතර ඇති දේශසීමා කලාපය කිලෝමීටර් 3440 ක් දුරට දැක්වේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment