හයිටි ජනපති ඝාතනය මෙහෙයවූ කැනඩා තානාපති කාර්යාලයේ හිටපු ආරක්ෂක ප‍්‍රධානියා අත්අඩංගුවට

365

කොළොම්ඹියා ජාතිකයන් සිව්දෙනකු සහ ඇමරිකානුවකු ද ඝාතනයට සම්බන්ධයි

හයිටි ජනපති ජොවෙනල් මොයිපේ ඝාතනය කිරීම සම්බන්ධයෙන් එරට කැනඩා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක ප‍්‍රධානියා වූ ජේමිස් සොලාගන් සහ හයිටි ඇමරිකානුවකු වූ වින්සන්ට් ජෝශප් ඇතුළු කොළම්බියා ජාතිකයන් සිවුදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
 
 ජේමිස් සොලාගන් හිටපු ඇමරිකානු කුලි සෙබළකු මෙන්ම හයිටියේ රාජ්‍ය නොවන සංවිධානයක ප‍්‍රධානියෙකි.

හයිටි ජනපති ඝාතනය මෙහෙයවූ කැනඩා තානාපති කාර්යාලයේ හිටපු ආරක්ෂක ප‍්‍රධානියා අත්අඩංගුවට

හයිටි පොලිසිය පැවසුවේ ඝාතක කණ්ඩායම ජනපති මොයිපේට හය වතාවක් වෙඩි තබා ඇති බවයි.
 
 ජනපති මොයිපේ ඝාතනයට සම්බන්ධ ඝාතක කණ්ඩායමේ සිවුදෙනෙක් පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් වී ඇත.
 
 මෙම ඝාතනය ගැන ඇමරිකාවේ සිටින හයිටි තානාපතිවරයා පැවසුවේ එය කුලී හේවායන් සැලසුම් කළ මෙහෙයුමක් බවයි.
 
 එහෙත් මෙම ඝාතනයට කැනඩා තානාපති කාර්යාලයේ හිටපු ආරක්ෂක ප‍්‍රධානියා සම්බන්ධ වූයේ කෙසේදැයි හයිටි පොලිසිය හෙළි කර නැත.
 
 මේ අතර අත්අඩංගුවේ සිටින සොලාගන් සහ වින්සන්ට් ජෝශප් කොපමණ කාලයක් හයිටියේ සිටියේදැයි හයිටි පොලිසිය හෙළි කර නැත. මෙම ඝාතනය සමගම පොලිස් කාර්යාලය වෙත රැුස් වූ පිරිස් අත්අඩංගුවේ සිටින දෙදෙනා තමන්ට භාර දෙන ලෙසත් ඔවුන්ව ගිනිතබා මරා දමන බවත් ප‍්‍රකාශ කර තිබේ. එසේම පොලිස් වෙඩි පහරින් මියගිය සිව් දෙනා ගේ අනන්‍යතාවය මෙතෙක් හෙළිවී නැත. මේ අතර සොලාගන් පැවසුනෙව් තමා තානාපති නිලධාරියකු බවයි.
 

advertistmentadvertistment
advertistmentadvertistment